පාසල අවසන් වී තම සොහොයුරා එනතුරු පාසල අසල රැඳී සිටි වැඩිමහලු සොහොයුරාගේ හිස මතට පොල්ගසක් කඩා වැටීම නිසා සිසුවෙක් ජීවිතක්ෂයට පත් වුනු අවාසනාවන්ත පුවතක් නිට්ටඹුවෙන් වාර්තා වෙයි.

මෙම ඉරණමට ගොදුරු වී ඇත්තේ නිට්ටඹුව අලවල ඇලපනාකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ඩී. දුලාන් සේනිදු නැමැති අලවල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි දරුවෙකි.

තම පාසල නිමවීමෙන් පසුව  අලවල කනිටු විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන

තම බාල සහෝදරයා පාසලේ පැවත්වෙන අමතර පන්තියට සහභාගි වී ආපසු  පැමිණෙන තුරු පාසල අසල රැඳී සිටියදී මෙම දරුවා මෙලෙස අනතුරට මුහුණ පා ඇත. ඉන් අනතුරුව ප්‍රදේශවාසින් විසින් දරුවා ත්‍රී රෝද රථයකින් වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට රැගෙන යන අතරතුරදී ඔහු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක අබ්දුල් කාදර් මහතා ඉදිරියේ පැවති අතර මෙය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බවට නිගමනය කරන ලදී.
මිය ගිය දුලාන්ට වැඩිමල් සහෝදරියන් දෙදෙනකු සහ බාල සහෝදරයෙක් සිටින අතර පවුලේ තුන්වැනි දරුවා දුලාන් වන අතර පියා පෙදරේරුවෙකි. මව පෞද්ගලික ආයතනයක රැකියාවක් කරයි.
දුලාන්ගේ අවසන් කටයුතු අද (7 වැනිදා) අලවල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.