http://www.gossiplankanews.com/2018/05/weli-oya-police-abuse.html
වැලිඔය පොලිසියේ රඳවා සිටි 12 හැවිරිදි පිරිමි දරුවෙකු පොලිස් නිලධාරියෙකු අතින් අපයෝජනයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ඇරඹී තිබේ.
තහඩු සොරකම් කිරිමේ චෝදනාවක් මත
තමාව වැලිඔය පොලිසිය මගින් පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගනු ලැබු පසු දින පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු එදින රාත්‍රියේ පොලිසියේ රඳවා සිටි බව කියන මෙම දරුවා එහි සිටියදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු විසින් බරපතළ අපයෝජනයකට ලක් කළ බවත්,

මේ ගැන යමෙකුට කීවොන් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ බවත්  දරුවා විසින් ප්‍රකාශ කර තිබේ.

පොලිස් නිලධාරියකු විසින් තමා අපයෝජනය කළ බව තහවුරු කර දරුවා පරිවාස නිලධාරින්ට ප්‍රකාශ කළ පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පරිවාස නිලධාරින් විසින් නොපමාව දරුවා අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට බාරදී තිබේ.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳව දරුවාගෙන් දිර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙනතිබෙන අතර බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට කරුණු හෙළිව ඇත.

මෙම දරුවා වැලිඔය පොලිසිය තුළ රඳවා සිටි රාත්‍රියේ ඔහු බාරව සිව ඇත්තේ පොලිස් නිලධාරිනියකට බවද එවැනි තත්ත්වයක් තුළමෙවැනි අපරාධයක් පොලිස් ස්ථානය තුළදී සිදුකිරිමට ඉඩක් තිබුණේ දැයි යන්න ගැන සැකයක් පවතින බව ද පරීක්ෂකයින් පවසා ඇත.
පොලිස් ස්ථානය තුළදී යම් අපරාධයක් සිදුවි ඇත්නම් නිලධාරින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමා පසුබට නොවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දන්වා ඇත.
විමර්ශන කටයුතු තවදුරටත් සිදුවේ.