පසුගිය කාලයේ ආන්දෝලනාත්මකව විභාගය වූ දොම්පේ, මල්වාන, මාපිටීම ප්‍රදේශයෙ අක්කර 16 ක ඉඩම හා එහි සුඛෝපභෝගී නිවස පිහිනුම් තටාකය හා  සත්ව ගොවිපලේ අයිතිය සම්බන්ධ නඩු විභාගයේදී බැසිල් රාජපක්ෂ වෙනත් අයෙකුගේ නමක් භාවිත කරමින් එයට රජයේ මුදල් අවභාවිත කළ බවට
චොදනා එල්ලවී තිබුණි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව පැවති මෙම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේදී ඊයේ (22දා) විභාගයට ගත් අවස්ථාවේ ජ්‍යොතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන නිවස ඉදිකිරීමට පෙර ලබාදුන් ආරක්ෂා පූජාව සම්බන්ධයෙන්

කරුනු හෙළී කළේය.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලින්ගේ මහතා පැමිණිල්ල මෙහෙයවද්දී ජ්‍යොතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන මෙසේ පැවසීය.

"1996 වර්ෂයේ සිට මා ජ්‍යෝතිෂවේදී වෘත්තිය යෙදෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ඉල්ලීමකට අනුව මා 2013 වර්ෂයේ පෙබරවාරී මස දිගන මල්වානේ පිහිටි අක්කර 15 ක් 16ක් විශාලවූ ඉඩමට ගියා. එහි නිවසක් ඉදිකිරීමට පෙර එදින එම ඉඩම මා ජ්‍යොතිෂයට අනුව ආරක්ෂා කළා. එහි නිවසක් සැදීම සඳහා අවශ්‍ය සියලු නැකැත් මා විසින් සකසා  දෙනු ලැබුවා.

මා රාජපක්ෂ පවුලෙන් මුදල් අය කරන්නේ නැති නිසා මා මුදල් ලබාගන්නේ නැහැ. 2015 වර්ෂයේදී ජූලි මාසයේදී කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දැනුම් දීම අනුව මල්වානේ ඉඩමට ගියා. එම ඉඩමේ සුවිසල් නිවසක් ඉදිකර තිබීම සම්බන්ධව මා සතුටට පත්වුවා. මා එසේ සතුටට පත්වූයේ එම නිවස සෑදීමට අවශ්‍ය නැකැත් සදාදුන් නිසයි."

මහාධිකරණ විනිසුරුවරයා නඩුව යළි ජුනි 22 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළේය.