http://www.gossiplankanews.com/2018/05/photos-central-province-watterfalls.html
ධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවති.
අද (21) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ
හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීම සඳහා අඩි 41.09 ක් හා 14.05 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන

ජලාශයේ වාන් දොරටු 02ක් ඊයේ (20) පස්වරුවේ සිට විවෘත කර ඇත. වාන් දොරටු විවෘත කිරීමත් සමග කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යන නිසා ගඟේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිලිමත්වන ලෙස විදුලිබල මණ්ඩලය හා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
පැය 24 පුරා වර්ෂා  තත්වය පැවතිම හේතුවෙන් මෙම ජලාශ පිහිටි ජල පෝෂක ප්‍රදේශවල දිය ඇලි සක්‍රීය වී හා කැළණි ගඟේ අතු ගංගා සියල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින අයුරුත් ලක්ෂපාන දිය ඇල්ල හා ශ්‍රීපාද රක්ෂිතයේ දිය ඇලි සක්‍රීය වී ඇති අයුරු ඡායාරූප වල දැක්වේ







(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)