පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය තල්ගස්කන්ද ප්‍රදේශයේදී පෙරේදා සිදුවූ හදිසි අනතුරකින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගියා.
තම ඥාති සොයුරිය සමග වෙළෙඳ සැලකට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී පාර අයිනේ පේව්මන්ටුවේ ගමන් කරමින් සිටියදී
අනෙක් පසින් ආ වෑන් රථයක් ඔහු යටකර

ගිය අතර ඔහු අසළම සිටි ඥාති සොයුරිය වෑන් රථයේ වැදී විසිව ගොස් තිබුණා. එම අවස්ථාවේ වෑන් රථයට යටවූ අය දෙසවත් නොබලා වෑන් රථයේ රියදුරා පළායන්නට උත්සාහ ගෙන තිබූ අතර සිද්ධිය දුටු අසල්වාසී තරුණයින් වෑන් රථය ලුහුබැඳගොස් මාර්ගය හරස්කර වෑන් රථය නවතා රියදුරු පොලිසියට යොමු කර තිබුණි.
සිද්ධියෙන් මියගියේ පලාවිය වන්නියතිවු හි විසූ අසිදු දනන්ජය නමැති දරුවෙකි. ඔහු සමග අනතුර සිදුවන අවස්ථාවේ ගමන් කළේ ඔහුගේ ලොකු අම්මාගේ දියණියයි. අවසන් කටයුතු හෙට 10 සිදු කෙරේ.
මරණිය අනතුර සිදුකර පළාගිය රියදුරු පුත්තලම පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
අනතුර සිදුවන අයුරු  ඔවුන් පැමිණ ගිය වෙළෙඳ සැලේ සීසීටීවී දර්ශන වලට හසුව තිබුනේ පහත අයුරිනි