http://www.gossiplankanews.com/2018/05/number-plate-game.html#more

නවීන පන්නයේ මෝටර් රථ සොරකම් කර ඒවාට වෙනත් චැසි අංක හා ලියාපදිංචි අංක යොදාගෙන කිසියම් හේතුවක් මත ඒවා අතහැර යාමේ සිද්ධි දෙකක් ගමිපහ බැලුම්මහරින් වාර්තාවේ.

ගමිපහ බැලුම්මහර ගොඩගෙදර විහාරස්ථානය අසල දමා ගොස් තිබියදී පසුගිය 27 දා අලුයම්
කාලයේ සොයා ගත්
මෙම වාහන පිළිබඳ කළ විමර්ශනයේදී එම එක් රථයක ලියාපදිංචි අංකයට සමාන තවත් රථයක් කළුබෝවිල ප්‍රදේශයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
විශේෂ මෙහෙයුමක යෙදී සිටි යක්කල පොලිස්ථානයේ නිලධාරින් පිරිසකට නවීන පන්නයේ ටොයෝටා වර්ගයේ මෙම මොටර් රථ දෙක

පණගැන්වීමේ යතුරුද දමා තිබියදී හමුවේ ඇත.

මේවායෙහි ලියාපදිංචි අංක ලෙස WP CAC-7859 සහ WP KJ - 8981 සඳහන්ව තිබූ බව පොලිසිය කියයි.
මෙලෙස නවීන වාහන දෙකක් අතහැර යාම කිසියම් කොල්ලකරුවන් පිරිසකගේ ක්‍රියාවක් වියහැකි බවට සැකකොට ඇති යක්කල පොලිසිය රථ දෙකෙහි හිමිකරුවන් සොයා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සිදුකොට ඇති විමර්ශනයේදී  WP CAC-7859 දරණ රථය කළුබෝවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කොට ඇති බව අනාවරණය වූ අතර එම තැනැත්තා සොයා සිදුකළ පරීක්ෂණයේදී ඔහු සතුව මෙම ලියාපදිංචි අංකයම සහිත ටොයෝටා වර්ගයේ රථයක් තිබී ඇති බවත් මෙවැන්නක් ගැන දැන නොසිටි බවත් කියා ඇත.
වැඩිදුර පරීක්ෂාවේදී මෙම රථ දෙකෙහිම චැසි අංක පවා එකක් බව පොලිසිය කියයි.

අතහැර දමා තිබී හමුවූ ලියාපදිංචි අංක WP KJ-8981 දරන රථය නිට්ටඹුව ප්‍රදේශයේ අයෙකුට අයත් බව අනාවරණය වූ නමුත් එම පුද්ගලයා අදාළ ලිපිනයෙහි නොමැති බව හෙළි විය. කෙසේ වෙතත් එම රථය පැහැර ගැනීමක් හෝ නැතිවිමක් සම්බන්ධයෙන් කිසිඳු පොලිසීයකට පැමිණිල්ලක් ලැබී තිබී නැත.
මෙම අමුතු ආකාරයේ ජාවාරම ගැන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.