මින් කලකට පෙර විවාහ ගිවිසගැනීමේ ඡායාරූප හා වීඩියෝ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරන ලද ටෙලි නිළි මහේෂි මධුසංකා ඉරිදා පුවත්පතකට ඒ සම්බන්ධයෙන් දැන් මෙසේ කියා තිබේ.

පහුගිය කාලේ මහේෂිගේ විවාහය සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පැතිරුණා?
ක්‌ෂේත්‍රයේ අයගේ දේවල් කතා වෙනවා ඔවුන් ජනප්‍රිය නිසා. නමුත් සමහර ක්‌ෂේත්‍රයේ නොවන මගේ යාළුවෝ ඉන්නවා. හොඳට වෙඩින් අරං, ෆේස්‌බුක්‌ එකේ තුන්සිය හැටපස්‌ දවසම ෆොටෝස්‌ අප්ලෝඩ් කරනවා. නමුත් හස්‌බන්ඩ් රට, මෙහෙ වෙන බෝයි ෆේ‍ර‍රන්ඩ්ස්‌ලත් එක්‌ක රවුම් ගහනවා. ඉතිං මට එහෙම වෙන්න ඕන නෑ. ඒ නිසා මම කැමති නෑ මගේ ස්‌වාමිපුරුෂයත් එක්‌ක හෝ පෙම්වතා එක්‌ක හෝ ඉන්න ෆොටෝස්‌ පබ්ලික්‌ කරන්න. මොකද ෆේස්‌බුක්‌වල ඉන්ස්‌ටග්‍රෑම්වල ෆොටෝස්‌ දානවා කියන්නේ පවුල් කැඩෙනවා තමයි. තාම මට එහෙම වෙලා නෑ.


කවදාහරි මම බඳින දවසක හෝ මම බැන්දා හෝ ඔහුගේ හෝ ඒවායේ ෆොටෝස්‌ අප්ලෝඩ් කරන්නේ නෑ. මේක මගේ පුද්ගලික තීරණයක්‌. මෙහෙම පාඩුවේ ඉන්න තරමට තමන්ගේ පවුලත් රැකෙනවා, තත්ත්වෙත් රැකෙනවා. මොකද පත්තරවල ඉස්‌සරහට පිටුවේ ලොකුවට පිංතුර දාගෙන ඊළඟ දවසේ ඩිවෝස්‌ වෙන්න අවශ්‍ය නෑ.

මහේෂි දැන් විවාහ වෙලාද? නැතිනම් විවාහය කවදද?

ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. මං හොඳින් සතුටින් ඉන්නවා. අඬන්න දෙයක්‌ තවම සිද්ධ වෙලා නෑ. මගේ මූලික දේ මගේ පවුල. ඒ ගොල්ලන්ට මං මගේ පණටත් වැඩිය ආදරෙයි.

යුගන්ති යශෝධරා (Meewitha)