රාත්‍රි සමාජ ශාලාවල තරුණ තරුණියන් වෙත ඉහළ මිල ගණන්වලට අලෙවි කරන මත්පෙති තොගයක් සමග මාලදිවයින් ඡාතික දෙදෙනෙකු 16 දා සවස දෙහිවලදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරුවන් දෙදෙනා සතුව මත්පෙති 1995 ක් තිබී ඇති අතර මේවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව විශේෂ කාර්ය බළකාය කියයි.
මාලදිවයින් ජාතිකයන් සහ නයිජීරියානු ජාතිකයන් එක්ව මත්පෙති ජාවාරම්කරන බවට විශේෂ කාර්ය බළකාලයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය

වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.
මොවුන් පෙති තොගයක් රැගෙන එන බවට ලැබුණු තොරතුරක් මත නිලධාරින් පෙරේදා සවස දෙහිවල නැදිමාලේ සුපිරි වෙළද සැලක් අසලදි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් තිබි ඇති අතර එය තුළ තටිටු දෙකක මෙම මත්පෙති අසුරා තිබියදී හමුවී ඇත.
සැකකරුවන් නිලධාරින් නොමග යැවීම සඳහා මෙම මත්පෙති වලට උඩින් ටි ෂර්ට් එකක් හා කලිසමක් තබා තිබූ බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරුවන් සතුව තිබි අත්අඩංගුවට ගත් මත්පෙති යුරෝපා රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ඒවා බවත් මින් එක් පෙත්තක් රුපියල් 5000-7500 අතර මිලකට අලෙවි කරන බවත් විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 19,25 අතර පසුවන බවත් ඔවුන් දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාසයක නැවතී සිට මෙම ජාවාරම සිදුකරන බවද පැවසේ.