http://www.gossiplankanews.com/2018/05/johan-peris-everest.html
වරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හිමිකර ගැනීමට ජොහාන් පීරිස් ඊයේ (22) සමත්විය.මුහුදු මට්ටමේ සිට මීටර් 8,848ක් (අඩි 29,029ක්) උසින් පිහිටි ඒවිරස්ට් කන්ද තරණය කිරිමේ දෙවැනි උත්සාහය සාර්ථක කර ගනිමින් ඔහු නේපාල වේලාවෙන් ඊයේ අලුයම 5.55ට කඳු මුදුනට ළගා වු බව  වාර්තාවේ.
ඔහු එවරස්ට් කන්ද තරණය කිරිමට මුලින්ම උත්සාහ දැරුවේ
2016 අප්‍රේල් මාසයේදීය. එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ ජයන්ති කුරුඋතුම්පල සමග එම ගමනේද ඔහු ගිය නමුත් එවරස්ට් කඳු මුදුනට මීටර් 448 ක්  ආසන්නයේදි ඔක්සිජන් හිඟවී අපහසුතා ඇතිවී ඔහුව නතර කිරීමට සිදුවිය.
කෙසේ වෙතත් එයින් පසු නොබෑ

ජොහාන් එවරස්ට් කන්ද නැගීමේ දෙවැනි උත්සාහයෙහි යෙදුණු අතර, මේ සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගෙන් ඔහුට මුදලින් ආධාරද ලැබිණි. එවරස්ට් කන්ද නගින්නකුට ඇමරිකානු ඩොලර්  5860ක පමණ වියදමක් දැරීමට සිදුවන බව පැවසේ.
මෙවර ඔහු එවරස්ට් තරණයට එක්වී සිටියේ කඳු නැගීමේ අන්තර්ජාතික මගපෙන්වන්නන් විසින් මෙහෙයවන කණ්ඩායමක සාමාජිකයකු ලෙසයි. වෘත්තියෙන් කොණ්ඩා සැකසුම් ශිල්පියකු වන ජොහාන් පීරිස් ශ්‍රී ලංකාවේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන තුනක් පවක්වාගෙන යන්නෙකු වන අතර ලන්ඩනයේද කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව කියැවේ. එළිමහන් ජීවිතයට ප්‍රිය කළ ඔහු ළමා වියේදීම කඳු නැගිමට උනන්දුවක් දැක්වූ අතර, සිය පියා සමග නකල්ස් කඳුවැටියද තරණය කර ඇතැයි කරුණු දක්වා ඇත.
2005 වසරේ පිදුරුතලාගල, කිරිගල්පොත්ත, තොටපළ ඇතුළු ලංකාවේ උස කඳු රැසක් තරණය කළ ජොහාන්, තායිලන්ත බුරුම දේශ සීමාවේ උතුරු Chiang Mai කන්දද තරණය කළේය. 2007 දී ඒ ආසන්නයේම Kayah State කන්දද 2010 නේපාලයේ Kalapattar කන්දද 2012 නේපාලයේ Summit of Island Peak කන්දද 2014 ටැන්සානියාවේ  Kilimanjaro කන්දද 2015 ලාඕසයේ Luang Prabang කන්දද තරණය කර ඇත.
එවරස්ට් නැගීමේ මුල් උත්සාහයෙන් පසු නැවත යෙදූ උත්සාහය ඔහු සාර්ථක කරගත්තේය.
 ඔහු මෙම අවදානම් කටයුත්ත සාර්ථකව නිමා කර ඇත්තේ ලංකාවේ නමද ජාත්‍යන්තරයට ගෙන එමිනි.