ඉන්ධන මිල ඉහළ යාමෙන් සිදුවූ බස් ගාස්තු සංශෝධනය ප්‍රයෝජනයට ගනිමින් බස්නාහිර පළාතේ ඇතැම් බස් කොන්දොස්තරවරුන් හා කුලි ත්‍රිරෝද රථ රියැදුරන් හිතුමතයට ගාස්තු අය කරන බවට මගීහු චෝදනා කරති.

නව සංශෝධීන ගාස්තු ක්‍රමය නිසා ඇතැම් බස් කොන්දොස්තරවරුන් හිතාමතාම ඉතිරී මුදල් ලබා නොදී වැඩිපුර ගාස්තු අය කරන බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිලි ලැබී ඇත.
සැම මාර්ගයකම පාහේ මෙලෙස හිතුමතේ ගාස්තු අය කිරීම හා ඉතිරි මුදල් නොදී මග. හැරීම විශාල වශයෙන් සිදුවන බව ද මගීහු කියති.

මේ අතර ඉන්ධන මිල වැඩ වූ දිනයේ සිටම ත්‍රීරෝද රථවල මල් කිලෝ මිටරස් ගාස්තුව රුපියල් 50 සිට 60 දක්වා වර්ධකර ඇතී ඇතැම් නිරෝද රථ රියැදුරන් අඩියෙන් අඩියට මීටරය වැඩි කරන බවට මගින් චොදනා කරයි. කිසිදු සම්මත ගාස්තු ක්‍රමයක් ත්‍රීරෝද රථ රියැදුරන් අනුගමනය නොකරන බව ද ඔවුහු කියා සිටිති .
මීට පෙර මෙවැනි තත්වයක් නොතිබුණු බව ද වගකිව යුත්තන් මේ පිලිබදව සොයා නොබැලීම බලවත් වරදක් බව ද මගීහු සඳහන් කරයි.
මේ පිලිබදව කරන ලද විමසීමේදී බස්නාහිර පළාත් මාරිගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා කියාසිටියේ එවැනි බස් කොන්දොස්තරවරුන් පිලිබඳව වහාම පැමිණිලි කරන ලෙසත් ඔවුන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය. ඊට අමතරව මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් ගණනාවක්ම යොදවා ඇතැයි සභාපති කිය.