මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවරායේ රාත්‍රි කාලයේ විදේශීය සංචාරකයන්ට ශ්‍රීපාදය සංචාරය කිරීම තාවකාලිකව 24 වැනිදා සිට තහනම් කළ බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඒ.ආර්.පී.ඒ. කරුණාතිලක මහතා
පැවැසීය.

 අවාරයේ හැටන් මාර්ගය  ඔස්සේ ශ්‍රීපාදය සංචාරය කිරීමට දිනකට විශාල විදේශීය සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත්, ඉන් වැඩි පිරිසක් රාත්‍රි කාලයේ සංචාරය කිරීමට උනන්දු වන්නේ අලුයම් කාලයේ ඉර සේවය නැරඹීමේ අදහසින්

බවත් කියා සිටි එම නිලධාරියා සංචාරකයන්ගේ ආරක්ෂක්ෂාව උදෙසා මෙම පියවර ගෙන ඇති බවත් එම සංචාරකයන් එදිනම  පස්වරු 6 වන විට නල්ලතන්නිය වෙත පැමිණිය යුතු බවත්, කරුණාතිලක මහතා කියා සිටියේය.

 මෙම නියෝගය සම්බන්ධයෙන් හෝටල් හිමියන් දැනුවත් කිරීමට පියවර ගත් බවද වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරියා කියා සිටියේය. තවද අවාරයේ ශ්‍රීපාදය කරුණා කරන සංචාරකයන්  වෙනුවෙන් ඉදිරියේදී දේශීය ආදායම ඉහළ දැමීම සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වාදීම කෙරෙහි වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.