http://www.gossiplankanews.com/2018/05/22-night-bus-fare-hike.html
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දමා ඇත. ඉන්ධන මිල ඉහළ දැමීම නිසා මෙම වෙනස සිදු කරන්නට සිදුව ඇත.මින් ඉහත රජය යෝජනා කළේ
සියයට 6.5 ක වැඩිවීමක්

හා අවම ගාස්තුව 10 වෙනස් නොකිරීමට වුවද බස් සංගම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කරන බවට අනතුරු අඟවා එයට අකමැති බවත් සියයට 12.5 ක් අවශ්‍ය බවත් හඬ නැගූ අතර ඒ අනුව රජය ඔවුන් හමුවේ නම්‍යශීලී විය.
ඒ අනුව ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ කැබිනට් අනුමැතිය අද ලැබිණි.
12.5%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු අද රාත්‍රී 12 සිට එය ක්‍රියාත්මක වනු ඇත.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, මේ අනුව 10 ට පැවති අවම ගාස්තුව රුපියල් 12 ක් වන බවයි. 13 ට පැවති ඊළඟ ගාස්තුව 15 ක්ද වනු ඇත.
වසර දෙකක කාලයක් සඳහා බස් ගාස්තු ඉහළ නොදැමීමේ කොන්දේසිය සහිතව බස් ගාස්තු ඉහළ නැංවීම සිදුකර තිබෙන බවද ප්‍රකාශ කර තිබේ.
වත්මන් රජය බලයට පත්වූ පසු පෙර රජයේ පැවති ඉන්ධන මිලට වඩා අඩුවෙන් තවමත් ඉන්ධන ලබාදෙන අතර එම තර්කය සලකද්දී බස් ගාස්තු මෙසේ ඉහළ නැංවීම අසාධාරණ බවට පාරිභෝගික සංගම් විරෝධය පළ කර තිබේ.