එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය ඊයේ 6 කොළඹදී පවත්වනු ලැබූ අතර අනෙක් දේශපාලන පක්ෂ රැසක රැලි
අද 7 පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිදින රැලිය අද සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සවස 2.00ට  මඩකලපුව, චෙන්කලඩි, මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජාතික සමගියට - කම්කරු ජවය මෙවර තේමාවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සැමරුම අද පැවැත්වෙන්නේ, ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම, කොළඹ බී.ආර්.සී.ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.  ඒ, එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජාතික හෙළ උරුමයේ මැයි දින සැමරුම අද කොළඹ දී එහි මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.