සුසිල් ප්‍රෙමජයන්ත 
විපක්ෂ නායක ධූරයට
පත් කරන සැලසුම


මේ දිනවල ඒකාබද්ධ විපක්ෂ සාහායෙන් ශ්‍රීලනිප මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි හෙළි කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්වු පසු විපක්ෂයේ බහුතර බලය ලබාගෙන එම කටයුත්ත සිදු කරන්නට නියමිත අතර ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු
අතර පැවැති සාකච්ඡාවකදී  ප්‍රේමජයන්තට විපක්ෂ නායක ධුරය ලබාදීම සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
එහිදී අමාත්‍ය ධුරයෙන් ඉවත්වූ සුසිල් ප්‍රේම්ජයන්ත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් 16 කණ්ඩායම කළ යෝජනාව ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ  ප්‍රසාදයට හේතුවී නැත.
නීතිමය තත්වය සැලකීමේදී ශ්‍රීලනිපය සන්ධානයක් ලෙස මිස තනි පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු නොකිරීම හේතු කොට ඔවුන් රජයේ හවුල් කාර පක්ෂයක් ලෙස තවම කටයුතු කරන නිසා පළමුව කතානායකවරයා

ශ්‍රීලනිපය විපක්ෂයට අයත් පක්ෂයක් ලෙස පිළිගැනීම අනිවාර්ය බවට කරුණු පළව තිබේ.
දැනට ආණ්ඩුව දැඩි ලෙස ආරක්ෂා කරන ඇතැම් ශ්‍රීලනිප ඇමතිවරු සිටින නිසා මෙම වෙනස සිදු කිරීම අසිරුවී තිබේ.
කෙසේ වෙතත් කොපමණ කතාබස් ඇති වූව ද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරයෙහි වෙනසක් සිදු නොවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ.දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතුරු බොහෝදුරට කටයුතු කරනු ඇති බවට වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්කරවා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් බවත්, ඒ සම්බන්ධව ශ්‍රීලනිප මැතිඇමතිවරුන් හමුවූ අවස්ථාවලදී සාකච්ඡා කර තිබෙන බවත් මේ සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කර ඇත.
මෛත්‍රී පිලේ ශ්‍රීලනිප ඇමතිවරුන් 16 කණ්ඩායමට නම්මවා ගැනීමට මෙහයුම් දැනටත් ක්‍රියාත්මක වන අතර ඊයේ වාර්තා වූයේ 16 කණ්ඩායමේ තිදෙනෙකු නැවත මෛත්‍රී පිලට එක්වීමට කැමැත්තෙන් පසුවන බවකි.