වෛශ්ණාවි පෙන්නපු දවසේ
ජෙහාන්ට අතදුන් රනිල් අයිරාංගනීට නැටුම මතක් කරලා

පසුගිය සතියේ අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය පරාජයවී දින දෙක තුනකින්ම අගමැතිවරයාට ආරාධනා ලැබුණ උත්සවයක් වූයේ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 උපන් දිනය සැමරීම හා රීගල් සිනමා ශාලාවේ තිරගතවූ සුමිත්‍රා පීරිස්ගේ නවතම චිත්‍රපටය ‘වෛශ්ණාවී‘ කල එළී දැක්මයි.
මෙම අවස්ථාවට මෑත කාලයේ කූඹියෝ ජෙහාන් චරිතය නිරූපණය කළ
තුමිඳු දොඩන්තැන්න

සහභාගීවීමත් ඔහු රනිල්ට අතට අතදීමත් නිසා කූඹියෝ කතාවේ අගමැතිවරයාට කුමන්ත්‍රණකාරී ජයක් ගෙන දුන් ගේම් කාරයා පිළිබඳ සිද්ධිය කාහටත් නැවත සිහිපත් කළ අතර මෙම ඡායාරූප සමාජ මාධ්‍ය තුළද කතාබහට නැගිණි.
මේ අතර එදින උත්සවයට එක්ව සිටි ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ සමීපයට ගිය අගමැතිවරයා ඇය සමග විහිළුවෙන් කතාවක් කළේය.
 ඇය රනිල්ගේ සමීප ඥාතිවරියක වූ අතර මීට මාස කිහිපයකට පෙර පුංචි ඡන්දය ආසන්නයේ අගමැති රනිල් ඇය සමග සිදු කළ නර්තන අංගයක්ද සමාජ මාධ්‍ය තුළ කතාබහට නැගිණි.
http://www.gallery.gossiplankanews.com/birthday/lester-james-peries-99th-birthday.html
Pix By-Indika Prabath Weerasinghe