මීරිගම නගරයේ රෙදිපිළි වෙළඳසලකින්  රුපියල් ලක්‍ෂ 12ක් පමණ වටිනා රෙදිපිළි තොගයක් පෙරේදා අලුයම සොරාගෙන ඇති බව මීරිගම පොලීසිය  පවසයි මැදියම් රැයේදී කිසියම් පුද්ගලයෙකු හෝ
කණ්ඩායමක් වෙළෙඳසැල් පිටුපස දොරටුව කඩා වෙළඳසැලට ඇතුළු වී ටී ෂර්ට්, ඩෙනිම්, කාන්තා ඇඳුම් රෙදිපිළි තොගයක් මෙසේ සොරකම් කර ඇත.

සොරකම් සිදුවන අවස්ථාවේ වෙළෙදසැලේ කිසිවකු  සිට නොමැති අතර පෙරදා මධ්‍යම රාත්‍රී 12.30 තෙක්
වෙළෙඳසල

විවෘතව තිබී ඇති අතර ඉන් පසුව මෙම  සොරකම සිදුවී ඇතැයි පොලීසිය සැකකරයි. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්වැල්ල මහතාගේ උපදෙස් මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ  අධීක්‍ෂණයෙන් මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත අමරතුංග මහතාගේ  මෙහෙයවීමෙන් සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වයි.