මට අගමැතිකම භාරගන්න ආව ආරාධනාවට
මං කැමති වුනේ නෑ
- ඇමති රාජිත

පසුගිය දිනවල අගමැති ධූරය වෙනස්කිරීම පිළිබඳ දේශපාලන කැරළි සිදුවන අතරේ සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්නට වත්මන් රජයේ අගමැතිධූරය පිරිනැමීමට ගිය බවට කථාවක් පැතිරී තිබුණි. එම කතාව සත්‍යයක් බව පසුගිය සතිඅන්තයේ පුවත්පතකට අදහස් දක්වමින් ඇමතිවරයා පවසා තිබේ.
ඔහු ඒ ගැන මෙසේ කියා ඇත.
‘එහෙම ආරාධනා කළේ කවුද කියලා කියන එක වැරදියි. එදා විශ්වාසභංගයට කලින් දවසේ රෑ
ඒකේ වැඩ කටයුතු කරලා මම ගෙදර ගියේ මගේ කතාවට ලෑස්ති වෙන්නෙ. ඒ අය කිව්වමත් මම කිව්වා විනාඩි 15කට වඩා
කතා කරන්න වෙලාවක් දෙන්න බෑ. මට හෙට කතාව තියෙනවා කියලා. අන්තිමට විනාඩි 15 සාකච්ඡාවකට ඇවිත් අන්තිමට රාත්‍රී 12 විතර වෙනකම් ඒ සාකචිඡාව ඇදිලා ගියා.
ඔව්. අගමැතිකම බාර ගන්න දිගින්

දිගටම මගෙන් ඒ ඉල්ලීම කළා. විශ්වාසභංගයත් එක්ක දිගටම ඔය ඉල්ලීම ආවා.
හැම පැත්තෙම ආවා. මම නොසිතූ අය මාව හමුවෙන්න එකගතාව පළ කරලත් ආවා. ඒවායේ තව
බොහෝ කතා තියෙනවා. නමුත් ඒවා කියන්න බෑ. එහෙම කියන එක හරි නෑ. මම ජනාධිපතිතුමාටත් කිව්වා.  මොකද මේ සාකච්ඡාවලදී සමහර අය ජනාධිපතිතුමාගේ නමත් පාවිච්චි කළා. ජනාධිපතිතුමත් එක්ක කතා කරලයි මගෙත් එක්ක කතා කරන්නේ වගේ අදහසක් මට දුන්නා. කොහොම වුණත් මම කිව්වා ඔය යෝජනාවට මම කැමැති නෑ. මම කා එක්කවත් තරහා නෑ. මට දේශපාලනික ප්‍රශ්න මිසක් පෞද්ගලික ප්‍රශ්න නෑ. හමුවෙන කෙනෙක්ව මේ විශ්වාසභංගයෙන් පස්සේ හමුවෙන්නම් කියලා මම කිව්වා.
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් තමා ඇත්තටම ආරාධනා කළේ.ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කොටස්, නොයෙකුත් අය එකට එකතු වෙලා.
මම දැඩි තීරණයක හිටියා. එකක් මම

කොහොමටවත් පිටිපස්සෙන් පිහියෙන් අනින්න කැමති නෑ. මගේ නායකයකුට. මම හැමදාම දරන මතය තමයි ජනාධිපති හෝ අගමැති අපි දුර්වල නොකළ යුතුයි කියලා. එතකොට රජය දුර්වල වෙනවා. ඒ නිසා මම දිගටම ඒ ප්‍රතිපත්තියේ
හිටියා. මම කිව්වා කොයිම වෙලාවකවත් පිටිපස්ස දොරෙන් මම ඕක ගන්න ලෑස්ති නෑ. මට ලැබෙනවා නම් ඒක ලැබිය යුතේ ඉස්සරහා දොරෙන් කියලා.
ඒවා ඉතින් කියත බැහැ. දේශපාලනයේදී ඕවා බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මොකද ඕක බලාපොරොත්තු වෙචච කිසි කෙනෙකුට මේ දේශපාලනයේදී ලැබිලා නෑ. බලාපොරොත්තු නොවුණ අයට තමයි ඒවා ලැබිලා තියෙන්නේ. ඒ නිසා බලාපොරොත්තු නොවී හිටියම හොඳයි.‘

(ඉරිදා ලංකාදීප -ප්‍රසන්න සංජීව තෙන්නකෝන් කළ සාකච්ඡාව ඇසුරිනි)