පසුගිය සතිවල ඇතිවුණ දේශපාලන කැළඹීමෙන් පසු රනිල්ට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය ප්‍රකාශ කළ අය ඇමති ධූරවලින් ඉල්ලා අස්වූ අතර සිංහල අලුත් අවුරුද්දෙන් පසු එම හිස්වූ ඇමති ධූර සහ තවත් ඇමතිධූරවල වෙනස්කම් සහිතව නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දිමට නියමිතය.

ලැබෙන දේශපාලන ආරංචි අනුව

මෙම නව කැබිනට් මණ්ඩලයේ හිස්වූ ශ්‍රීලනිප ඇමතිධූර සඳහා පත්කරනු ඇත්තේ තවදුරටත් මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග අත්වැල් බැඳගෙන සිටින ශ්‍රීලනිප ඇමතිවරුන්වය.
ඒ අනුව කැබිනට් ඇමති ධූර 6 ක් මේ ආකාරයට වෙනත් අයට පැවරෙනු ඇත. ඉල්ලා අස්වීම් නිසා කැබිනට් ඇමති ධූර 6 ට අමතරව රාජ්‍ය ඇමති ධූර 4 ක් නියෝජ්‍ය ඇමතිධූර 5 ක් හා නියෝජ්‍ය කතානායක ධූරය පුරප්පාඩුවී පවතී.
මේ වනවිට මෙම තනතුරු කිහිපයකට පමණක් එජාපයේ අය වැඩබලන්නට පත්කර ඇතත් පසුව ඒවා ශ්‍රීලනිපයටම පැවරෙනු ඇත.
විද්‍යාත්මකව සකස් කළ ඇමති මණ්ඩලයක් ඉදිරියේදී දිවුරුම් දෙනු ඇති බව පැවසුණත් ලැබෙන ආරංචි අනුව පෙනී යන්නේ දේශපාලන බලය පවත්වා යාමට පක්ෂ සතුටු කිරීමට වරදාන ලෙස පිරිනමන ඇමති ධූර පිළිබඳව පමණි.