මහනුවර කලබලේට මුල්ව අත්අඩංගුවට ගත්
දේශපාලනඥයින්ගේ නම් හෙළි කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත්
ළගදීම අත්අඩංගුවට



මහනුවර ඇතිවූ ජාතීන් අතර අසමගිය මතුකරවන සිදුවීම් සම්බන්ධයෙන් පොහොට්ටුව ලකුණ යටතේ කටයුතු කරන ප්‍රාදේශීය දේශපාලනඥයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ පිළිබද එම පක්‍ෂයේ තවත් ප්‍රාදේශීය දේශපාලනඥයින් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සියලු විමර්ශන ආරම්භ කර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (21) දන්වා සිටියේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
ඇමැතිවරයා මින් ඉහත නම් ගම් රහිතව

චෝදනා කිරීම නිසා පාර්ලිමේන්තුවේද ඒ ගැන උණුසුම් තත්වයක් ඇතිවූ අතර ඊයේ ඔහු නම් ගම් හෙළි කළේය.
මීට අමතරව මහනුවර සිඳුවීමට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද හෙට අනිද්දා අත්අඩංගුවට ගන්නා බව ඇමැතිවරයා පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම පසුව
පවසන බව පැවසූ ඇමතිවරයා අත්අඩංගුවට ගත් අය අතර
මහනුවර මැණික්හින්න මුස්ලිම් පල්ලියට පහරදීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී රාජපක්ෂ, දිගන ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියට පහරදීම් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරලිය හෝටලයේ හිමිකරු සමන්ත යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව දන්වා සිටියේය.
පල්ලේකැලේ ගැටුම්වලට සම්බන්ධ වූ පොදුජන පරමුණින් මැතිවරණයට තරග කළ දීප්ති යන අය සහ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කළ තවත් හිමිවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බවද පැවැසීය.
මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් 314 දෙනකු මේ වනචිට අත්අඩංගුවට ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙහිදී පැවැසීය.
සිංහල සැකකරුවන් 264ක්. මුස්ලිම් 41ක් සහ වෙනත් ජාතීන්ගෙන් 9 දෙනකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබුන බව ඇමැතිවරයා පැවැසීය. අත්අඩංගුවට ගත් මහසෝන් බළකාය මෙහෙයවූ අමිත්ත වීරසිංහ සහ පුද්ගලයින්ගෙන් පස්දෙනකු මහනුවරට බැහැර ප්‍රදේශවලින් පැමිණි අය බවට තහවුරු වී ඇති බවද පැවැසීය.