සරල සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ශුද්ධ වූ කුරාණයේ මුල් පිටපතක් මුස්ලිම් සංවිධානයේ මවුලවි
ඒ.බී.එම්. අහමඩ් මහතා

විසින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම් ස්වාමිනාදන් මහතා වෙත ඊයේ (21) පිළිගැන්වීය.
සමාජය තුළ ඇති වී ඇති සංහිදියාව යළි ගොඩනැංවීමට මෙවැනි උත්සාහයන් වැදගත් වන බව ඇමැතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය. ඉස්ලාම් ආගමේ ඉතිහාසය පිළිබද අවබෝධයක් ලබාගැනීම මෙන්ම මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය සහ ආගමික පසුබිම පිළිබද දැනගැනීමටද මේ මගින් අවස්ථාව ලැබෙන බවද ඇමැතිවරයාගේ අදහසයි. සරල සිංහල භාෂාවෙන් මේ පරිවර්තනය කර ඇති අතර, ඉදිරියේදී එය සියල්ලන්ට ලබාගැනීමට අවස්ථාව සැලසේ.