http://www.gossiplankanews.com/2018/03/diyatha-station-opening.html#more

බත්තරමුල්ල දියතට  
කෝච්චි ස්ටේෂන් එකක්

විවේකී දිනවල කොළඹ අවට මහජනතාව නිරන්තරයෙන් එකතුවන ස්ථානයක් බවට පත්ව තිබෙන බත්තරමුල්ලේ දියත ආශ්‍රිත සංවර්ධන සැලැස්මට අනුව යමින්  "දියත දුම්රියපල අවන්හල" නමින් අපූරු අවන්හලක් පසුගිය සතියේ විවෘත විය.
 මහනගර අමාත්‍ය පාඨලී චම්පික ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකු මෙයට එක්වූ අතර Waters edge හෝටල් පරිශ්‍රයේ  ස්ථාපිත කෙරුණ අවන්හලේ කාමර ලෙස දුම්රිය මැදිරි
භාවිතයට ගෙන තිබේ.

සාමාන්‍ය දුම්රිය පොළක ආකාරයට අවට අලංකරණය කර ඇත. කෙසේ නමුත් මෙහි දුම්රිය ධාවනයක් සිදු නොවේ.