තලවතුගොඩ ප්‍රදේශයේ දී පසුගිය 17 වෙනිදා දියවන්නාව 'කිඹුලා ඇලට' පෙරළුණු BMW මෝටර් රථය පැදවූ සහ එහි හිමිකරු වන මාදිවෙල සිගේරා පාරේ අංක 85 හි පදිංචි ෆාහිම් මොහොමඩ් හුසේන් යන අය අනතුරක්
සිදුකර පලායාමේ වරදට මෙම මස 27 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ (20) නියෝග කොට ඇත.
අනතුරව ලක්වු මෝටර් රථ දෙකේ හිමිකරුවන් අනතුර සිදුවී ටික වේලාවකින් තලංගම පොලිසියට පැමිණ ඒ පිළිබඳව පැමිණිලි කළ නමුත් බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය පැදවූ  පුද්ගලයා ඊයේ 18 සවස වනතුරුත් පොලිසියට පැමිණ තිබුනේ නැත.
ඔහු අනතුර අවස්ථාවේ වාහනයද අතහැර දමා ත්‍රීරෝද රථයක නැගී පළාගොස් තිබේ.
වාහන සේල් අයිතිකරුවෙකු බව කියන ඔහු මාදිවෙල පදිංචිකරුවෙකු බව පොලිසිය සොයාගත් අතර ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට කණ්ඩායමක් යොදවන ලදි.


අනතුර සිදුවූ එක් රථයක කොළඹ පෞද්ගලික ආයතනයක මූල්‍ය සාමාන්‍යාධිකාරීවරියක සහ ඇගේ සැමියා ගමන් කරමින් සිට ඇති අතර අනෙක් රථයේ සිය දරුවා අමතර පන්තියකට ඇරලවීම සඳහා යමින් සිටි නීතිඥවරයෙකු ගමන් කර තිබේ. එම රථ දෙකටම බරපතල හානි සිදුව ඇත.

ඇලට පෙරලුණු බී.එම්.ඩබලිව්. මෝටර් රථයේ ගරාජ් අංකයක් පමණක් තිබුණ අතර
ඔහු 19 තලංගම පොලිසියට බාර වී ඇති අතර ඔහු එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ බිරියගේ
සොයුරෙකු බව පැවසේ.