ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පසුගියදා පැවැති අවාසනාවන්ත සිදුවීම් වලින් ගහණ තරගය අතරතුර සිදුවූයේ කුමක්දැයි එහි පාර්ශ්වකරුවකු වන නුරුල් හසන් බංග්ලාදේශ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

 සිදුවීමේ ආරම්භය තිසර පෙරේරාගේ හැසිරීමේ ගැටලුවක් යයි ඔහු කියා ඇත.

 'මම ක්‍රීඩාංගණයට ආවා, අපි ආවේ මහමදුල්ලා රියාද්ව මුණගැහෙන්න. ඇවිත් ඔහුට වතුර බොන්න දීලා අපි පැති විනිසුරු සමග කතාකළා, මම ඔහුගෙන් ඇහුවෙ පළමු පන්දුව බවුන්සර් පන්දුවක් නේද කියායි. ඒ වෙලාවෙ තිසර එතැනට ආවා. ඔහු මගෙන් ඇහුවා, 'නුඹ කවුද ඒවා කතාකරන්න කියලා.'

ඊට පස්සේ ඔහු මට කිව්වා මෙතැනින් පලයන් යන්න කියලා. නුඹට මෙතැන කතාකරන්න අයිතියක් නැහැ කියලත් ඔහු කිව්වා.ඒ වෙලාවේ මම කිව්වා මම ආවෙ නුඹ එක්ක කතාකරන්න නොවෙයි කියලා. එහෙමයි වාචිකව මට අඩතෙට්ටම් කළේ. මම එවිට ඔහුට කිව්වා මෙතැන නුඹට කිසිම ගනුදෙනුවක් නැහැ කියලා. ඇතැම් වෙලාවට මට නිහඬව සිටිය වෙන්න පුලුවන්. එතැන තිබුණු උණුසුම් සහගත භාවය අනුව මෙම ප්‍රතිචාර දැක්වූවා. ඒක තමයි එතැන වුණු සත්‍යම දේ ‘
ඔහු වැඩිදුරටත් පවසා ඇත.