මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරිමේදී එක් තැපැල් ඡන්දයක් පමණක් ගණනය කෙරෙන මධ්‍යස්ථාන තුනක් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි නිමල් අබේසිරි මහතා
පවසයි.
තැපැල් ඡන්ද අයදුම් කිරීම අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස

තුනක තැපැල් ඡන්දය භාවිතා කිරිමට සුදුසුකම් ලබා ඇත්තේ එක් අයකු බැගින් පමණක් වන අතර අදාළ ගණන් කිරිමේ මධ්‍යස්ථානයට යොමුවන්නේ ඔහු හෝ ඇය - විසින් භාවිත කළ තැපැල් ඡන්දය පමණකි.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ තැපැල් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ ඡත්දදායකයන් පසුගියදා අදාළ ආයතනවලදී සිය ඡන්දය ප්‍රකාශ කළ අතර එම ඡන්ද ගණන් කිරිමද හෙට (10) පැවැත්වෙන ඡන්ද
විමසීමෙන් අනතුරුව ඒ ඒ තැපැල් ඡන්ද
හිමියාට අදාළ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේදීම සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
(හාලිඇල විජේරත්න රත්නායක)