කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනකු අතුරුදන්කළැයි කියන සිද්ධියට අඳාළව පුද්ගලයන් පැහැර ගැනීම සමබන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩමහතාට අවබෝධයක් සහ දැනීමක් තිබුණු බව විමර්ශනවලදී අනාවරණයවි ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව වැඩිදුර වාර්තාවක් මගින්
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ දැනුම් දී තිබේ.
කරන්නාගොඩ අදාළ පැමිණිල්ල කරනු ලබන අවස්ථාවේ සිටම මෙම පුද්ගල පැහැර ගැනීම් සම්බන්ධ අවබෝධයක් හා දැනීමක් තිබුණු බවට  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුබී වාර්තාව මගින් අධිකරණය දැනුම්වත් කර තිබිණි.


ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි විශේෂ රාජකාරී කටයුතු සඳහා සැකකාර දසනායකගේ අධීක්ෂණය යටතේ පත්කිරීම මෙම ඒකකය සඳහා 54-0238 අංක දරන වාහනය ලබාදීම, දෙහිවලදී පුද්ගලයින් පස් දෙනකු පැහැර ගැනීම සඳහා සැකකාර හෙට්ටිආරච්චිගේ සම්බන්ධතාව අනෙකුත් පැහැරගත් සැකකරුවන් චෛත්‍ය පාරේ පිට්ටු බම්බුව තුළ හා ගන්සයිඩ් නමැති භූගත සිරමැදිරිවල රඳවා තබා ගැනීම. ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධව හා ඊට වගකිව යුතු පාර්ශ්වකරුවන් ලෙස දෙවැනි සැකකරු සුමිත් රණසිංහ සහ ඩි.කේ.පී. දසනායක පිළිබඳව දැනුවත්ව සිටීම යන කරුණු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා දැනගෙන සිටි බව එම බී වාර්තාවේ සඳහන් වෙයි.

2008 අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වනදා අතර කාලය තුළදී කොටහේන. වැල්ලවත්තත්‍රීකුණාමලය, මඩකළපුව ඇතුළු ස්ථාන කිහිපයකදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වූ බව කියන සිද්ධියකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා විසින් මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල සිදුකර තිබිණි. කතුරු ආරච්චිගේ ජෝ රිප. රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේශ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්. ජමාර්ඩින් ඩිලාන්, අමනන් පියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරචිචි. ත්‍යාගරාජා ජෙගන් සහ මොහෙමඩ් අලි අන්වර් යන අයවලුන් මෙම සිද්ධියෙන් අතුරුදන්වූ බව එම පැමිණිල්ලේ සඳහන් වෙයි.