ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන් බවත් මෙම ඡන්ද
පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද

දේශප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා ප්‍ර‍කාශ කළේ කොට්ඨාසවල නම් හා අංක අපේක්ෂකයින්ගේ නම් යනාදී කිසිවක් ඡන්ද පත්‍රිකාවල සඳහන් නොවන බවයි. ඔබ කැමැති පක්ෂය/ ස්වාධීන කණ්ඩායමේ නම හා සලකුණ සඳහන් තීරුවේ ඡන්ද සලකුණට දකුණු පසින් වූ හිස් කොටුවේ එකම එක කතිරයක් පමණක් යෙදීමෙන් ඔබගේ ඡන්දය සලකුණු කළ යුතුය.