පසුගිය දිනවල ඇමරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12දා) දින උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන් යානයෙන්
කටුනායක ගුවන් තොටුපොළ

ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
ඔහු ඇමරිකාවේ සංචාරයේ නිරතවූයේ සිය ඇමරිකානු පුරවැසිකම ඉවත්කරගෙන ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීමට බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.
ඔහු ඇමරිකාවේ සිටි කාලයේ ඔහුට එරෙහිව පැවති අත්අඩංගුවට ගන්නට සූදානමක්ද පැවති නඩුවක් දිගින් දිගටම කල් දමා තිබුණි.
මෙම කාලය තුළ ඔහුව හමුවීමට යුක්රේනයේ සිට ඩුබායි හරහා ඇමරිකාවට යන්නට හැදූ උදයංග වීරතුංගවද පසුගියදා අත්අඩංගුවට පත් විය.