මාස 6 න් සොරු අල්ලන බව කියන
ෆොන්සේකාට නීතිය හා සාමය
ඇමති මණ්ඩල සංශෝධනය අද (23) හවස


දිනෙන් දින කල් ගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනය ස්ථිරවම අද (23) පස්වරුවේ සිදුකරන බවට වාර්තා පළව තිබේ.
මේ වනවිට ලැබී ඇති ආරංචි අනුව තනතුරු ලබාදීම ගැන ඇතැම් කටකතා සත්‍ය වන සෙයක් පෙනී යයි. ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ට  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ලබාදීමේ විශේෂ තීන්දුව
මේ අනුව ලබාගනු ඇත.

තමාට නීතිය සාමය ඇමති ධූරය ලබාදෙන්නේ නම් මාස 6 කින් සොරුන් අල්ලා වැඩ පෙන්වන බව ටික දිනකට පෙර සරත් ෆොන්සේකා ප්‍රකාශ කිරීම නිසා මෙම ඇමති ධූරය සමග ඉදිරියට පෙරළිකාර තීන්දු ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ලගේ මහාමාර්ග කොටස ඉවත් කර කබිර් හෂිම් ට  මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට නියමිත බවද ආරංචි මාර්ග වාර්තා කර ඇත.

රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ මෙන්ම නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන අය කැබිනට් නොවන  ඇමතිවරුන් ලෙස පත් කිරීමටද නියමිතය.
 මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන  ඇමතිවරුන්ට තවත් ඇමති ධූර කිහිපයක් එක්කරන්නට නියමිතය.
 අකිල විරාජ් කාරියවසම් යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට නියමිතය.