මේ දිනවල දිවයින තුළ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස්වල පෙනීමට බාධා මතු වීමේ හා ඇස්වල රෝගී තත්වයන් හට ගැනීමේ අවදානමක් මතුවිය හැකි බවට අක්ෂි විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

ඕසෝන් ස්ථරය කඩතොලු වී ඇති බැවින්

හිරු එළියේ පවතින පාරජම්බුල කිරණ පොළොවට එක එල්ලේම පතින විම ද ඇස්වල යම් යම් අනතුරුදායක තත්වයන් ඇතී කිරීමට හේතුවක් වනු ඇතැයි මේ සම්බන්ධයෙන් කරුණු දක්වන අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් පැකුවෙල් මහත්මිය සඳහන් කරයි.   මේ දවස්වල අවන් අධික හිරු එළියේ දිගු කාලයක් රැදී සිටීම හේතුවෙන් ඇසේ සුදු ඉහිරීයාවේ මස් දල්ලක් වැඩීමේ හැකියාවක් ඇතැයිද මේ හේතුවෙන් ඇස්වල පෙනීමේ යම් බාධාවක් ඇති විය හැකි යැයිද ඇය සඳහන් කළාය.
මේ දිනවල තද අව්වේ සිට වැඩ කරන පුද්ගලයින් හා අව්වේ නිතර ගමන් කරන පුද්ගලයින් වෙන්නම් ප්‍රමිතියෙන් යුතු අවුකනාඩියක් භාවිත කිරීම වැදගත් බව අක්ෂි වෛද්‍යවරු පෙන්වා දෙති.

විශේෂයෙන්ම මේ දිනවල පාසල්වල පවතින ක්‍රීඩා තරගවලදී දරුවන් වැඩි වේලාවක් අව්වේ රඳවන්නේ නම් ඒ සඳහා හිස්වැස්මක් හෝ අවිනාඩියක් භාවිත කිරීමට ඔවුන් දැනුවත් කිරීම වැදගත් බව අවධාරණය කෙරේ.