හාමුදුරුවන්ට දැන් සනීපයි
ඉන්නෙ නවලෝකෙ
පැතිරෙන ගොසිප් බොරු

- බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ


බෞද්ධයා නාලිකාව හිමි දරණාගම කුසලධම්ම හිමි අසාධ්‍ය තත්වයෙන් විදෙස් ගතව ඇති බවටත් ඒ අතරවාරයේ හිමියන්ගේ දේපළ වත්කම් සම්බන්ධ ගැටලු පැනනැගී ඇති බවටත් පසුගිය දිනවල පැතිරුණ ආරංචි සම්බන්ධයෙන් එම නාලිකාවේ  වැඩසටහන් අධ්‍යක්ෂවරයා කරුණු පැහැදිලි කර තිබේ.
ප්‍රථමවරට 2006දී ලංකාවේ රූපවාහිනි බෞද්ධ නාළිකාවක් ලෙස ඇරඹෙන ‘බෞද්ධයා‘Peo TV, Dialog  TV අමතරව බස්නාහිර පළාතට සාමාන්‍ය නාලිකාවක් ලෙස නැරඹිය හැකියි.කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, ගම්පහ ආදී ස්ථානවල සේවකයන් 80 පමණ සේවය කරන මෙම නාලිකාව
භාර ශාස්ත්‍රපති දරණගම කුසලධම්ම ස්වාමීන්වහන්සේ අසනීප තත්වයෙන් සිටීම ගැන මෙන්ම මේ දිනවල විවිධාකාර ගැටුම් එම නාලිකාව තුළ සිදුවෙන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම ගැන නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ කල්‍යාණ අලචත්තේගම මහතා මෙසේ කියා තිබේ.

‘ඔව්, මේ දවස්වල හාමුදුරුවෝ අසනීපෙන් ඉන්නෙ.

උන්වහන්සේ ඇමරිකාවේ ප්‍රතිකාර ගත්තා මාස 3ක්. ඊට පස්සෙ ලංකාවට වැඩම කරවා ගත්තා. දැන් කෙමෙන් කෙමෙන් සුව වෙනවා. දැන් ප්‍රතිකාර ලබන ගමන් ඉන්නෙ නවලෝක රෝහලේ. වර්තමාන තත්වය කතාබහ කරන්න ලියන්න කියන්න පුළුවන් දැන්. අප්‍රේල් වගේ වෙද්දී හාමුදුරුවන්ට සාමාන්‍ය මට්ටමට වැඩ කරගෙන යන්න පුළුවන්
කියන විශ්වාසය තමයි වෛද්‍යවරුන්ටත් තියෙන්නෙ. උන්වහන්සේ බලන්න යන්න පුළුවන්
කතා කරන්න බලන්නෙ යන්න දෙන්නෙ නෑ. අසනීප තත්වය නිසා, විෂබීජයක්වත් ඇතුළත් වෙයි කියලා. හාමුදුරුවො නැති වෙලාවට ආයතනය ගැන දේවල් ගැන සොයා බලන්න කමිටුවක් පත් කරලා ගියා. ඉතින් දැන් බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ කමිටුව තමයි වැඩ බලන්නෙ.
කතාබහක් යනවා ඒ හාමුදුරුවො ඇතුළු මේ කටුව මේ සියල්ල කඩා වඩා ගන්න යනවා කියලා ඒක අමූලික බොරුවක්. මොකද මේ කමිටුවේ හැමෝමත් හාමුදුරුවොත් අපේ නායක හාමුදුරුවො පත්කරලා ගිය පිරිස. ඒ අය හැමෝම ඉන්නවා නායක හාමුදුරුවොත් එක්ක. එක එක්කෙනා නොයෙකුත් කතා කියනවා. ඒත් ඒ හැමදේම බොරු, මොකද, හාමුදුරුවන්ට තවම හොඳට සිහි කල්පනාව තියෙනවා. ලියන්න, කියන්නෙ හැමදේම පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. හාමුදුරුවෝ අපිට ලියලා එවන ඒවා පවා තියෙනවා,

මේ ප්‍රචාරය වෙන දේවල් නම් තනිකරම මඩ. ඕනෑම ආයතනයකට මඩ ප්‍රහාර තියෙනවා. අපේ ආයතනයටත් දැන් අවුරුදු 10ක් නෙ. ඒ අවුරුදු 10 ඇතුළත තවත් නාළිකා

ගොඩනැගුණනෙ. ඒවට ඉතින් පහර ගහන්නනේ බලාගෙන ඉනෙ. මොකක් හරි වැටීමක් සිදු වුණෙත් ඒවට මඩ ගහලා "ගොසිප්' හරහා ඒවා ප්‍රචාරය කරනවා. නමුත් මෙහිදී කිසි ගැටලුවක් වෙලා නෑ. මේ පෝය දවසෙත් අපේ කට්ටිය ගිහින් හාමුදුරුවෝ බැහැදැකලා ආවෙ. තවම හාමුදුරුවන්ගෙ නායකත්වයෙන් තමයි නාළිකාව දිවෙන්නෙ.
මේ නාළිකාවෙම වෘත්තීය මට්ටමෙන් වැරදි අය ඉන්නවනෙ.
ඒ අය ඉවත් කළාට පස්සෙ එළියට ගිහින් එක එක කතා නිර්මාණය කරලා මඩ ප්‍රහාර එල්ල කරනවා. ඒවා තමයි මේ. සේවකයන්ගේ වැටුප් ගෙවීම වරද්දන්නෙ නෑ. කලට වෙලාවට ඒවා සිද්ධ වෙනවා. කිසිම සේවකයෙකුට අසාධාරණයක් කරන්නෙ නෑ. මේ කතාබහ වෙන දේවල් ගැන හාමුදුරුවො දැනුම්වත් නෑ. අපි ඒවා දැනුවත් කරන්නෙ නෑ. මානසික සුවය, ශාරිරික සුවය ඕනැනේ ලෙඩේ සුවවෙන්න. ඒ නිසා අපි ඒ ගැන මොනවත් කියන්නෙ නෑ. මීට පෙරත් මඩ ගැහුවා. බුදු හාමුදුරුවෝ කිව්වෙත් හැමදේම විඳ දරාගන්න කියලා. ඉතින් ඒ හැමදේම අපිත් විඳ දරාගන්නවා. ඕනෑම කෙනෙකුට දියුණු වෙනකොට මඩ ප්‍රහාර එන එක සාමාන්‍ය දෙයනෙ.  මේ මඩ ප්‍රහාරවලට එදා නායක හාමුදුරුවෝ කිව්වෙත් මේ හැමදේම විඳ දරාගෙන සාමාන්‍ය විදියට ඉදිරියට යමු කියලා විතරයි.

තොරතුරු - ධනු විජේරත්න