Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


බැංකුවේ උකස් අංශයේ සිටියදී හෂිනි
රන් බඩු අරන් 
ඉමිටේෂන් බඩු ඒ වෙනුවට තිබ්බලු


ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ වත්මන් බිරිය වන හෂිනි රත්නායකට ඊයේ සිරගතවන්නට සිදුවූයේ තංගල්ල මහජන බැංකුවේ සේවය කරමින් සිටියදී සිදු කළ වංචාවක් සම්බන්ධයෙනි. බැංකුවේ සේවය කළ කාලයේ උකස් බඩු බාර ගන්නා අංශයේ සේවය කරමින් සිට ඇති හෂිනි කුවේට්හි සේවය කරන බැංකු පාරිභෝගික කාන්තාවක බැංකුවට උකස් කළ රුපියල් 6,80,000ක් පමණ වටිනා රන් භාණ්ඩද තංගල්ලේ පදිංචි තවත්  බැංකු පාරිභෝගික පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන් භාණ්ඩ ද සොරාගෙන ඇති බව පැමිණිල්ලෙන් දැක්වේ. බැංකු සේප්පුව පරීක්ෂා කිරීමේදී කුවේට් කාන්තාවගේ රන් භාණ්ඩ එහෙම පිටින්ම අස්ථාන ගත කර තිබෙන අතර
තංගල්ල පුද්ගලයාගේ

රන් භාණ්ඩ වෙනුවට ඒහා සමාන ඉමිටේෂන් බඩු බැංකු සේප්පුවේ තැන්පත් කර ඇති බවද හෙළිව ඇත.
හෂිනි මෙම සොරකම කර ඇති බවට සැකකරන්නේ බැංකු කළමනාකරු සැපයූ සීසීටීවී සාක්ෂිද උපයෝගයෙන් බව පොලිසිය සඳහන් කර තිබේ. කළමනාකාර මහතාට මෙම සාක්ෂි සපයන්නට සිදුවූයේ දැනට කුවේට්හි ගෘහසේවිකා රැකියාවක යෙදී සිටින කාන්තාව සහ අනෙක් පුද්ගලයා 2016 වසරේ දී තංගල්ල පොලිසියට කර තිබූ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් පසුවය.
මෙම දෙදෙනා මෙසේ රන් භාණ්ඩ උකසට තබා ඇත්තේ 2014 වසරේදීය. කුවේට්හි සේවය කරන කාන්තාව 2016
නිවාඩුවකට මේරටට පැමිණ තමා උකස්කර ගිය රන් භාණ්ඩ බේරා ගැනීමට බැංකුවට ගිය අවස්ථාවේ එම රන් භාණ්ඩ එහි නොමැති බව දැනගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබූ අතර පසුව බැංකුවෙන්ද ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ ගැන බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් කරද්දී අනිත් පුද්ගලයා උකස් කර තිබූ රුපියල් හය ලක්ෂයත් පමණ වටිනා රන් භාණ්ඩ වෙනුවට රන් ආලේපිත භාණ්ඩ සොයා ගැනීමට හැකිවි ඇතැයි වාර්තා විය.

රාජ්‍ය සේවයේ නිරතව සිටිමින් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොදු දේපළ ආඥා පනත යටතේ චෝදනා නගමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණු පසු ඇයව සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat

Advertisements