අධ්‍යාපනයේ ගුණාත්මක
වෙනසක් ඇති කිරීම සඳහා අ.පො.ස. (සාමාන්‍ය පෙළ)

විභාගයේ අනිවාර්ය විෂයන් ප්‍රමාණය ඉදිරියේදී විෂයන් හයකට (06) සීමා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

එම ප්‍රධාන විෂයන්වලට අමතරව සියලු සෙසු විෂයන් ප්‍රායෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන්හි පුළුල් වෙනසක් ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කියයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වාදීමේදී එය කළ හැකි දෙයක් දැයි බොහෝ පිරිසක් ප්‍රශ්න කළද අද එය යථාර්ථයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් වී ඇති බව නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඊයේ (07දා) පැවැති ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණයට එක්වෙමින් අමාත්‍යවරයා පැවැසීය.
මේ වනවිට සාමාන්‍ය පෙළ විෂයන් 9 ක විභාගයකට සිසු දරුවන් පෙනී සිටී.