එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම ඊයේ (07) මැදකොළඹ කෙසෙල්වත්ත සුචරිත ශාලාවේ දී අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතාගේ ප්‍රධාත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ රාජිත

සේනාරත්න අමාත්‍යවරයා මෙසේ කීය.

“2015 ජනවාරි මාසයේ දී ඒකාධිපති වියරුවෙන් රට බේරා ගත්තා. මැදපෙරදිග තිබු ඒකාධිපති වියරුව ජනතාව අවසන් කළේ විප්ලවයකින්. නමුත් ශ්‍රී ලාංකිකයින් එම ඒකාධිපති වියරුව අවසන් කළේ සාමකාමීවයි. ඒ පිළිබදව ලොව මවිත වුනා. පසුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ එකගත්වය මත ජාතික රජයක් බිහි කළා. මේ නායකයින්ගේ වෙනස එයයි. නායකයින් ඉල්ලන්නේ බලය. නමුත් මොවුන් දෙදෙනා රට සංවර්ධනය කිරීමට ජාතික රජයක් බිහි කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව පක්ෂයේ සාකච්ඡා අසාර්ථකයි. පසුගියදා බදුල්ලේ පැවැති රැස්වීම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු වර්ජනය කළා. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඒ අතර ප්‍රධාන වෙනවා. අවස්ථාවාදී දේශපාලනට එරෙහි ඔවුන් සටන් ආරම්භ කර තිබෙනවා. එම නිසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතක සිට මැතිවරණයට ඉදිරිපත් වන්නේ.”