සයිටම් අහෝසි කළ බව 
නි.ඇමති හර්ෂ කියයි
මාරාන්තික උපවාසය අතහරී - ජය සැමරීම අද දවල්


 මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ බවත්, නැවත ඒ සඳහා සිසුන් බඳවා නොගන්නා බවත් සයිටම් පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම තීරණ දෙසැම්බර් 31 වනවිට ඉටු කරන බවද දන්වා ඇති අතර
එහි මේවනවිට අධ්‍යාපනය හදාරන වෛද්‍ය සිසුන්
සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත අනුව කටයුතු කරන බවද දන්වා ඇත.

දැනට උපවාසයේ යෙදී සිටින වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් සමග කළ සාකච්ඡාවකින් පසු නි.ඇමතිවරයා මේ බව කියා සිටි අතර ඒ අනුව අන්තිම කැමති පත්‍රයද ලියා උපවාස කිරීම අරඹා තිබුණ දෙමාපියන්  උපවාසය නවතා දමනු ලැබීය.

නි.ඇමතිවරයා මේ තීරණය ලබාදී තිබුනේ මීට සතියකට පෙර ජනපතිගේ අවසන් තීරණය යයි කියමින් සයිටම් කොටස් වශයෙන් ගෙවන පාඨමාලා සහිත ප්‍රමිතිගත ආයතනයක් කිරීමේ තීරණය ලබාදී ඊට වෛද්‍ය නිලධාරීන්ගේ අඩ වශයෙන් කැමැත්තක්ද ලබාදී තිබුණ අතරවාරයේය.
මේ අතර නි.ඇමතිවරයාගේ තීරණයට විශ්වාසය තබා ඊයේ උපවාසය අත්හළ දෙමාපියන්
අඛණ්ඩ උපවාසය අවසන් කිරීමේ ජයග්‍රාහී රැළියක් අද 09 දහවල් 12.00ට කොටුවේදී පවත්වන්නටද කටයුතු යොදා ඇත.
 නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මෙම තීරණය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පහත පරිදිය.