ඊයේ පැවති මාදුළුවාවේ සෝභිත හිමි
ගුණසමරුවේදී ජනපති මෛත්‍රි ආන්දෝලනාත්මක කතාවක් සිදු කළේය.
"සමහරු හිතන්නේ මං තමයි පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහන්න

බැරි වුණ එකටත් වගකියන්න ඕන කියලා. මගේ කෑලි ගලවනවා. මීට කලින් හිටපු අය හැමදේම කරන්නෙ ජනාධිපති විදිහට පුරුදු කරපු මානසිකත්වය නිසයි අදත් ජනතාව එහම හිතන්නේ.
විපක්ෂයෙන් ගහන ඒවට මට මුහුණ දෙන්න පුළුවන්. ආණ්ඩුවෙන් ගහන ඒවටත් මට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවෙන් කොටසක් මට ගහනවා නම් සෝභිත හිමි බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ට කිරීමට විරුද්ධවයි ඒ ගැහිල්ල ගහන්නේ.

මහ බැංකු සිද්ධියට ජනාධිපති කොමිසමක් පත්කිරීම හේතුවෙන් ආණ්ඩුවේම සුළු පිරිසක් ෆේස්බුක් වෙබ් සයිට් හා සති අන්ත පුවත්පත්වලට මුදල් වියදම් කරමින් මට චෝදනා කරනවා. ලංකාවෙන් පිට තියෙන මාධ්‍ය ආයතන සල්ලි දීලා අල්ලගෙන වියදම් කරලා ආණ්ඩුවේම සමහර අය මට ගහනවා.
ජනවාරි 8දා ලැබූ ජයග්‍රහණයත් සමඟ යහපාලන ආණ්ඩුව පිහිටුවා මාස 03කට පසුව මහ බැංකු විනාශය සිදුවුණේ. ඊට වගකිව යුත්තන් වගකිව යුතුයි.
මං මේ කිසි තනතුරකට ආස මිනිහෙක් නෙවෙයි. මං ආවා වගේම යන්නයි ආවේ. යන්න මිසක් ඉන්න ආවේ නෑ. හැබැයි මං කරන වැඩේ හරියට කරන්න මට සහාය ඕනෑ.“
ජනපතිවරයා එම කරුණු ප්‍රකාශ කළේ පහත වීඩියෝවේ පරිදිය.