පෙට‍්‍රල් හිඟයක් නෑලු
- ෂෙඩ් වල පෙට්‍රල් නෑලු

පසුගියදා තෙල් නැවක් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියෙන් පසු දිවයින පුරා ඇතිවූ පෙට්‍රල් හිඟය සම්බන්ධ ගැටලු ඉන් අනතුරුව පැමිණි තෙල් නැව් නිසා සමථයකට පත්වුවද නැවතත් ඉන්ධන පිරවුම් හල්වල පෙට්‍රල් හිඟයක් මේ වනවිට ඇතිව තිබේ.
මෙම හිඟය කෘත්‍රිම එකක් බව රජය පවසන නමුත් හිඟයක් පවතින බවට පැතිරුණ කටකතා හේතුවෙන්
පිරවුම් හල් රැසක

ඉන්ධන අහවරවීමේ ප්‍රවණතාවයක් මතුව ඇත.
පැතිර යන කටකතා  හේතුවෙන් ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබිණි.

මේ පිළිබඳව විමසූවිට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කර තිබුනේ අවශ්‍ය තරම් ප්‍රමාණවත් පෙට්‍රල් තොග ගබඩාකර  තිබෙන බවත්  තවත්  පෙට්‍රල් නැවක් හෙට අනිද්දා කොළඹට ළඟාවන බවත් ඒ නිසා හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉදිරි ඉඩක් හෝ නැති බවත්ය.

මේ සමග ඡායාරූපවල පළවන්නේ පෙට්‍රල් හිඟයක් යළි ඇතිව ඇතැයි කලබලවී ඉන්ධන පිරවුම්හල්වල ඊයේ සිටි ජනතාවයි.