සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එරට පාලක පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට ඊයේ රැස්වූ එම පක්ෂ කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු නියෝජනය කළ සානු පී.එෆ් පක්ෂය ඔහු ඉවතට දමා ඔහු වෙනුවට මීට දෙසතියකට පෙර මුගාබේ
විසින් බලයෙන්

පහ කෙරුණු උප ජනාධිපති එමර්සන් මනන්ග්වා පක්ෂ නායකත්වයට පත්කර ඇත.
උප ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේ බලයට ගෙනඒම සඳහා රොබට් මුගාබේ කටයුතු කිරීම නිසා හමුදාව රජය පෙරළීමට මැදිහත්වූ නමුත් එරට ව්‍යවස්ථාව ප්‍රකාරව තමන් තවමත් නායකයා බව කියමින් මුගාබේ බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර සිටී.
 93 හැවිරිදි වියේ පසුවන මුගාබේට බලයෙන් යන්නැයි කියමින් දස දහස් ගණන් ජනතාව  උද්ඝෝෂණ පැවැත්වූ නමුත් ඔහු තවම තමා ජනපති කියමින් බලයේ සිටී.
සිම්බාබ්වේ දේශය වසර 37 ක් තිස්සේ පාලනය කරන මුගාබේ නිසා අතිශය දරිද්‍ර රටක් බවට පත් විය.