දූෂණ විරෝධී හඬ සංවිධානය අද පැවැත්වූ මාධ්‍ය
හමුවකදී ආන්දෝලනයට තුඩුදුන් මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ හඬ පට රැසක් අද මාධ්‍ය වෙත මුදා හැරුණා.
බැඳුම්කර ගණුදෙනුව සිදුවූ 2015 වර්ෂයේ පෙබරවාරි 27 වනදා පර්පචුවෙල් සමාගමේ
ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන රාජ්‍ය බැංකු සමඟ
අදාළ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කළ සංවාදයක හඬපටයක් ද ඊට ඇතුළත්ව තිබිණි.
 මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ කොටස් වෙළඳපොලෙහි නිලධාරින්
මෙරට පොලී අනුපාතය ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරන හඬ පට කිහිපයක් ද මෙම මාධ්‍ය
හමුවේදී මුදා හැර තිබුණි.
්‍දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ  කියා සිටියේ ප්‍රශ්න ගත බැඳුම්කර සිද්ධියට සම්බන්ධ චූදිතයන්ට කඩිනමින් දඩුවම් දීමට මෙම හෙළිදරව් කළ බවයි.