විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙරේදා (30දා) කොළඹ පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී පැවති රැස්වීමකදී මෙසේ කීය.
එක පාර්ශ්වයක් ප්‍රකෝප කරමින්

සංහිඳියාව ඇති කරන්න බැහැ. 1972 හෝ 1978 ව්‍යවස්ථා මඟින් බුදු දහමට ප්‍රමුඛතාව දුන්නා කියලා වෙනත් කිසිදු ආගමකට ප්‍රශ්නයක් වෙලා නැහැ.

අද පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙනුත් කීයෙන් කී දෙනාද ඔක්තෝබර් විප්ලවය ගැන දන්නෙ? අද තරුණයා අන්තර්ජාලයත් එක්ක කාමර තුළ කොටු වෙලා. සමාජ ප්‍රතිසංස්කරණ ගැන ඔවුන්ගේ උනන්දුවක් නැහැ. සමාජ ප්‍රශ්න පිළිබඳ අවධානයක් නැහැ.
නව ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැති පත් කරනවා. ඒ ගැන කවුරුවත් කතා කළේ නැහැ. චේතනාව අවංක නම් මොකටද විධායක අගමැති කෙනෙක් පත් කරන්නෙ?

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයක් 50ට 50 ලෙස සංශෝධනය වුණොත් මොකද වෙන්නෙ? එතකොට කෝ ස්ථාවර රටක්? මධ්‍යය දුර්වල වෙමින් පර්යන්තය ශක්තිමත් වුණාම ප්‍රශ්න ඇති වෙනවා. මේ කමිටු යෝජනාවලින් ඔබ්බට යන විට ඒ බැරෑරුම් තැන් ගැන සාකච්ඡා කරන්න වෙනවා.
ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1978 ව්‍යවස්ථාවෙන් 1972 ව්‍යවස්ථාවේ ඉඳලා 8 දක්වා එක වගන්තියක්වත් වෙනස් කෙළේ නැහැ. මල නොතලා රොන් ගන්නව වගේ කළා. ඒකීය ප්‍රශ්න, බුදු දහමෙ ප්‍රශ්න මොකුත් මතු වුණේ නැහැ.