රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය උදර ප්‍රදේශයේ සහ කකුලක බැඳගෙන සවුදි අරාබියේ සිට මෙහි පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරියකු ඊයේ (19) අලුයම
කටුනායක ගුවන් තොටුපොළේදී

අත්අඩංගුවට ගන්නා ලදැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය. 50 හැවිරිදි සැකකරු ශ්‍රී ලන්කන් සමාගමේ ගුවන් යානා කාර්ය මණ්ඩල සුපරික්‍ෂකවරයකු වන අතර ඔහු සෞදි අරාබියේ ජෙඩා
නුවර සිට ඔහු  සේවය කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූඑල් 282 ගුවන් යානයෙන් ඊයේ අලුයම 4ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
කිලෝ 5 ග්‍රෑම් 300ක් පමණ බරැති වළලු, මාල, මුදු, කරාබු, පෙන්ඩන්ට් සහ බේස්ට්ලට් තොගයකින් කොටසක් මොහුගේ උදර වැස්ම තුළට දමා සෙලෝටේප් පටි ගසා තිබූ අතර ඉතිරි කොටස විශේෂයෙන් සැකසූ දණහිස් ආවරණයක දමා තිබිණියහැසි රේගුව කියයි.
සැකකරු පිළිබඳව කාලයක සිට විපරමින්
සිට මෙම වැටලීම සිදුකළ බව රේගුව කියයි.