RMV හඳුන්වා දෙන වාහන ට්‍රැක් කරන
අලුත්ම ගැජට්ටුව නීතියට පටහැනිලු

 ඕනෑම මෝටර් රථ වාහනයක්‌ තිබෙන ස්‌ථානය, ගමන් කරන දිශාව ආදී සියලු තොරතුරු ලබාගත හැකි චිප් එකක් ලබන වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සෑම වාහනයකටම හඳුන්වා දෙන්නට නියමිතය.මෙම චිප් එක මෝටර් රථ අංක තහඩුවේ හා ස්‌ටිකරයේ භාවිත කෙරෙන විශේෂ ඉලෙක්‌ට්‍රොනික උපකරණයක්‌ තුළ බහා ඇති අතර වසර ගණනාවක් බලය දෙන කුඩා බැටරියකින් පණ ගැන්වේ.
පසුගිය කාලයේ වනජීවී නිලධාරීන් වල් අලි ගමන් කරන දිශාවන් හඳුනාගැනීමට අලින්ට පැළඳූ ගැජට්ටුවට සමාන ක්‍රියාකාරීත්වයෙන් යුතු මෙම උපකරණය
වාහනයක්‌ තිබෙන ස්‌ථානයක් දැන ගැනීමට අමතර, කොපමණ වේලාවක් නතර කර තිබේද ගමන් කරන දිශාව කොහිද මේ වෙලාවේ යන්නේ කොහාටද ආදී රහස්‍ය විස්තර පවා ලබාදීමට සමත්ය.
පොලිසියට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට මෙම දත්ත විමසිය හැති අතර
මෙමගින් ලියාපදිංචි වාහන සොරකම් කිරීම් අවම කිරීමට

මෙන්ම අපරාධ විමර්ශනයේදී අතිශය වාසිදායි දත්ත ලබාගැනීමට හැකිවනු ඇත,
කෙසේ නමුත් පුද්ගලිකත්වයට හානි පමුණවමින් යම් යම් අය කරන කියන දේවල් හඳුනාගැනීම, අනියම් ජීවිත ක්‍රියාකාරකම් ආදියද මෙමගින් හසුකරගත හැකි නිසා ජනජීවිතයට හානිකරවියහැකි බවට ඇතමුන් මැසිවිලි නගනුද දක්නට ලැබේ.
 මුලින්ම අලුතින් ලියාපදිංචි කරන රථවාහන සඳහා ද පසුව මෙතෙක්‌ ලියාපදිංචි කළ වාහන සඳහා ද නව ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.
 මේ සම්බන්ධයෙන් පුවත්පත් වෙත අදහස්‌ දක්වා තිබෙන මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මෙසේ කියා ඇත.
 "මෙය 1948 එක්‌සත් ජාතීන්ගේ මිනිස්‌ අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශයට මුළුමනින්ම විරුද්ධය. ඒ වගේම 1966 සිවිල් අයිතිවාසිකම් හා දේශපාලන ප්‍රඥප්තියට මුළුමනින් විරුද්ධයි. මේ ප්‍රඥප්ති දෙකටම අපි අත්සන් තබා තිබෙනවා.
 ශ්‍රී ලංකාවේ සිවිල් නීතියේ දිලික්‌ක නීතිය යටතේ මීට විරුද්ධව අධිකරණයට යා හැකියි. යම් පුද්ගලයකු අපරාධකරුවකු හෝ සැකකරුවකු නම් අධිකරණ නියෝගයක්‌ ලබාගෙන මෙසේ ඔහු යන එන ගමන් පරීක්‍ෂා කළ හැකියි. එසේ නොමැතිව මෙවැනි දේ කරන්න බැහැ.
 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය විසින් සිංහ රත්නතුංගට එරෙහිව පැවරූ නඩුවේදී අධිකරණය පෞද්ගලිකත්වය පිළිබඳව පැහැදිලිව තම මතය පැවසුවා.
 මේ වගේ නව නීති ගෙන එන අය රටේ ව්‍යවස්‌ථාව හෝ නීතිය දන්නේ නැහැ. මෙය තනිකරම රටේ ජනතාවගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් කඩකිරීමක්‌"