රජයේ වෛද්‍ය පීඨයේ හා මාලඹේ වෛදය පීඨයේ ගැමුණුගේ දෙමාපිය සංගමය ඒකාබද්දව කටයුතු කිරීමට ඉදිරියේදී පියවර ගෙන ඇති අතර විසින් ඊයේ (08දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් සඳහන් කළේ මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් රැක ගැනීමට කටයුතු කිරීමේදී පෙනී සිටින්නේ 2016 වසරේ දෙසැම්බර්
31 වැනිදා දක්වා බඳවාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පමණක් බවය.


මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.

එහිදී සයිටම් ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටින්නේ පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට අදාළ ආයතනයේ අධ්‍යාපනය හැදෑරූ පිරිස් වෙනුවෙන් පමණක් බවත්, අර්බුදය දැකදැක අදාළ ආයතනයට එක්වූ කිසිවෙකු වෙනුවෙන් පෙනී නොසිටින බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.

තම සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ සහ මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි ශිෂ්‍ය අධ්‍යාපනය රැක ගැනීමට කටයුතු කරන බවද සංගම් දෙකම සඳහන් කරයි.