ඔබතුමාව එවුවේ දෙවියන් ....
වස මිශ්‍ර අයිස්ක්‍රීම් දරුවන්ට දී

සිය පණ නසාගත් මව
විනිසුරු ඉලංචේලියන්ට ලියූ ලිපිය



පසුගියදා යාපනයේදී වස මිශ්‍ර අයිස්ක්‍රීම් ආහාරයට දී දරුවන් සමග සිය දිවි නසාගත් යාපනය අරියාලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාව
සිය දිවි නසා ගැනීමට පෙර ලිපි කිහිපයක් ලියා තිබිණි. එම ලිපි එකක මරණයට වගකිව යුතුවූ ඔවුන් ණය අවුලට පත්කළ අය ගැන විස්තර තිබුණ අතර තවත් ලිපියක් ලියා තිබුනේ කාගේත් කථාබහට ලක්ව සිටින යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්වේලියන් මහතාටය.
දෙමළ බසින් ලියා තිබුණ එහි පරිවර්තනය
පහත පරිදිය.
ගරු ඉලන්චෙච්ලියන් මහතාණනි,

 "මගේ සැමියා රුපියල් කෝටීයයි ලක්ෂ 17ක්දී රැවටුණු හේතුවෙන් සැප්තැම්බර් 3 වැනිදා සිය දිවි නසා ගත්තා. මගේ සැමියා නැති ජීවිතයෙන් මට පලක් නෑ. සැමියා අබ්බගාතයකු වී හෝ අපි සමඟ ජීවත් වුණා නම් ඒක මට සෑහෙන්න තිබුණා. නමුත් අපට ඒකට වාසනාවක් තිබුණේ නෑ. දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුණත් ළමයි අහන ප්‍රහ්නවලට මට උත්තර නැ. ළමයි අහනවා තාත්තා කවදා එයිද? තාත්තා පේන්න එන්නේ නැත්තෙ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තාගේ කන්වල පුළුන් ගහලා තිබුණේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තා ඇයි කළු පාට වුණේ” සුදු විදියටම තාත්තාත් ආයිත් එයිද? තාත්තා ආවම අජි පාර්ක එකට යමුද? 
මේ වගේ මගේ දරුවන් අහන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න බෑ. මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද? දෙවියන් මේ ලෝකේ සත්‍යය ඉටු කරන්න ඉතා සීමිත පිරිසක් තෝරාගෙන එවලා තියෙනවා. මම විශ්වාස කරන විදියට ඔබතුමාත් ඒ අයගෙන් එක්කෙනෙක්. අපට වෙච්ච අසාධාරණයට ඔබතුමා සාධාරණයක් ඉටු කරන්න. අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න.
අපි අපේ පණ දෙනවා.‘


සිද්ධිය සම්බන්ධ සමෟපූර්ණ විස්තරය මෙතැනින්