ණය කරුවන්ගේ කරදරේ බැරිතැන
අයිස්ක්‍රීම් සමග වසබී
පවුලක්ම ජීවිත හැර ගිය හැටි


ණය ගෙවාගන්නට බැරි ගැටලුවක් මත වස පානය කර සැමියකු මියයාමෙන් පසු තනිවූ බිරියක එම ණය කරුවන්ගෙන්ම ගැලවෙන්නට බැරි වීමෙන් සිය දරු තිදෙනාටද අයිස්ක්‍රීම් සමග වසදී තමාද වස පානය කර මියයාමේ සිද්ධියක් යාපනයෙන් වාර්තා විය.
ඊයේ (27) උදෑසන 11ට පමණ අයිස්ක්‍රීම් මිලට ගෙන මව විසින් එයට වස මිශ්‍ර කිරීමෙන් පසුව පුතුන් දෙදෙනාට හා දියණියටත් ලබාදී මවද අයික්‍රීම් කා නිවසේ පැදුරේ නිදාගෙන ඇති අතර වෙනදා නිවසේ ඇසෙන ශබ්ද නොමැති වීමෙන් අසල්වැසියෙකු විසින් එම නිවස පරික්ෂා කිරීමේදී මවගේ හා පුතුන් දෙදෙනාගේත් දියණියගේත් නාසයෙන් හා මුඛයෙන්
ලේ දමා තිබූ අයුරු දැක එම අවස්ථාවේදීම පොලීසියට දැනුම් දී ඇත.

 මෙලෙස මියගොස් ඇත්තේ යාපනය අරියාලෙයි මාම්බලන් මන්සන්ධිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. සුනේත්‍රා (28) ඇගේ දරුවන් තිදෙනා වන ක්‍රිශායි (04), දියණිය හා පුතුන් දෙදෙනා වන සජිත් (02) සරචනා (01) යන අයයි.
මියගිය කාන්තාවගේ සැමියා රන් වැඩකරුවකු ලෙස යාපනය ප්‍රදේශයේ රන්හාණඩ අලෙවිසල්වල සේවය කර ඇති අතර ඔහු ගත් ණය මුදල් ගෙවාගැනීමට නොහැකිව මීට මාස 2 කය ඉහතදි රන් භාණ්ඩ සැකසීමට ගන්නා විෂ දියරයක් පානය කිරීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සැමියාගේ මරණයෙන් පසු ණයකරුවන් කාන්තාව
සොයා පැමිණ ඇති අතර එම පීඩනය දරාගැනීමට නොහැකිව රන් භාණ්ඩ සැකසීමට ගන්නා විෂ දියරය රැගෙන අයිස්ත්‍රීම් සමග මිශ්‍ර කිරීමෙන් අනතුරුව දරුවන් තිදෙනා වෙත කවා කාන්තාවද ආහාරයට් ගෙන ඇති බව පොලිසිය පවසයි.
ආහාරයට ලබාදුන් විෂ සහිත අයිස්ත්‍රීම් සහිත බඳුනක් නිවෙසහි තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත. විෂ සහිත අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමෙන් අනතුරුව කාන්තාව හා ඇගේ දරුවන් තිදෙනා පැදුරක් මත මියගොස් සිටි බව පොලිසිය පැවසීය.

යාපනය පොලිස් නිලධාරීන් නිවෙස පරීක්ෂා කිරීමේදී මියගිය කාන්තාව විසින් යාපනය මහාධිකරණ විනිසුරු මාණික් වාසගර් සෛලංවේරිලියන් මහතා වෙත හා ඇගේ ඥාතීන් වෙත ලියා තිබූ ලිපි දෙකක් පොලිසිය විසින් එම නිවෙස් තිබී සොයාගෙන ඇත. මහාධිකරණ විනිසුරුවරයාට ලබාදී තිබූ ලිපියෙහි

සඳහන්ව ඇත්තේ තමාගේ සැමියා පුද්ගලයකුට ණයක් දී තිබූ බවත් එය ඔහු යළි ලබා නොදිම හේතුවෙන් හා සැමියාදා ණයට මුදල් රැගෙන ලබාදීම හේතුවෙන් ඔහුව දරා ගන්නට බැරිව වස පානයකොට ජීවිතය හැරගිය බවත්ය.

තම දරුවන් නිරන්තරයෙන් පියා සොයන බවත් තමාව තවදුරටත් වේදනාව විඳීමට නොහැකිවීම හේතුවෙන් ළමයින් තිදෙනා සමග මෙම තීරණය ගත් බවට් ලියා ඇති ලිපියෙහි සඳහන් වන බවයි. මරණවලට වගකිව යුතු ලෙස නම් දෙකක් ප්‍රකාශ කොට තිබූ බවත් යාපනය පොලිසිය වැඩිදුරටත් පැවසීය. මියගිය කාන්තාවගේ හා දරුවන් තිදෙනාගේ සිරුරු පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව පසේවාත් මරණ පරීක්‍ෂණය සඳහා සිරුරු යාපනය රෝහල වෙත රැගෙනයාමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි