උප කුලපතිගේ බූදලෙන් නේවාසිකාගාරය හැදුවාදැයි
එකට එක කියූ සෞන්දර්ය සිසුන්ට විනට පරීක්ෂණ


සෞන්දර්ය විශ්වවිද්‍යාලය සඳහා දෙහිවල ප්‍රදේශයේ ඉදිකරන ලද නේවාසිකාගාරය පසුගියදා විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වුනේ වත්මන් උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චිගේ සහභාගීත්වයෙනි.
ඔහු එහි එනවාට සෞන්දර්ය ශිෂ්‍ය සංගම් කැමතිවී නැති අතර ඔහු එනවිට තාප්පයේ පෙනෙන ලෙස විශාල පොස්ටරයක් ගසා දන්වා තිබුනේ ‘විවෘත කිරීම සඳහා යන මුදල් වියදම් කරන්නේ උපකුලපතිගේ බූදලයෙන්ද? ලෙසිනි.
උපකුලපතිවරයා පැමිණි අවස්ථාවේ මේ පෝස්ටරය දැක
ඒ ගැන සිසුන්ගෙන්

විමසීමේදී මෙවැනි උත්සව නාස්ති බවත් රජය වෙන් කළ මුදල් වලින් ගොඩනැගිලි තනා වාසි ගන්න හදන බවත් කියමින් චෝදනා දැක්වූ ඔවුන් අපිට විරෝධතාවයක් දක්වන්න කාගෙන්වත් අවසර ඕන නැතැයි කියමින් කිසිදු ගරුසරුවක් නැතිව උප කුලපතිවරයා සමග වාදයක පැටලුණ අතර උත්සවයේ කටයුතුද තරමක් අවුල්සහගත විය.

සංගීත පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු නියෝජිතයින් පිරිසකගේ මෙම හැසිරීම හෙළා දකිමින් ආචාර්යවරුන්ගේ ගෞරවයට හානි සිදුවන අයුරින් ශිෂ්‍යයින් කටයුතු කිරීම, නිල උත්සවයක් අවස්ථාවේදී විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් වන ලෙස කටයුතු කිරීම හා සිසුන්ගේ අශෝභන හැසිරීම්වලට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා අනෙකුත් කාර්ය මණ්ඩල නිලධාරීන් ඊයේ (11) සියලු කටයුතු වලින් වැළැකි සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබිණි.

සිසුන්ට යම් කරුණක් පිළිබඳව කරුණු දැක්වීමට හෝ විරෝධය පළ කිරීමට හැකියාව තිබෙන නමුත් මෙම සිසුන් රාජ්‍ය උත්සවයක් අවස්ථාවේ විශ්වවිද්‍යාල පරිපාලනයට බාධා කරමින් සිදු කළ මෙම අශෝභන ක්‍රියාව නොකළ යුත්තක් බව ඔවුන් දන්වා ඇත.
විවෘත කිරීම අවස්ථාවේ දී විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් වන ලෙස ක්‍රියාකළ සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පාලනාධිකාරිය තීරණය කර ඇත.
උප කුලපතිගේ බූදලෙන් නේවාසිකාගාරය හැදුවාදැයි විමසූ සිද්ධිය අවස්ථාවේ වීඩියෝව පහතින්