තව දින 4 කින් සිදුවන සෙනසුරු මාරුව නිසා 
ආන්දෝලනාත්මක සිද්ධි ගැන අනාවැකි


ලබන ඔක්තෝබර් 26 වනදාට ජ්‍යොතිෂ්‍යය අනුව කලකට පසු  සෙනසුරු ග්‍රහ මාරුවක් යෙදී ඇත. එම වෙනස රටට මෙන්ම පුද්ගලයින්ට සුවිශේෂ වශයෙන් බලපෑම් ඇති කරවන්නක් බවට විවිධ ජ්‍යොතිෂ්‍යෙව්දීන් අනතුරු හඟවා තිබේ.පහත පළවන්නේ ප්‍රවීණ ජ්‍යොතිෂඥ පාරින්ද්‍ර සුගතදාස මහතා 26 වනදාට යෙදෙන ග්‍රහමාරුව ආශ්‍රිත ප්‍රතිඵල විස්තර කර තිබෙන අයුරුය.
‘ශනි ග්‍රහයා 2017 ඔක්තෝබර් 26 වැනි දා ප.ව. 3.31ට ධනු රාශියට පිවිසෙයි. මෙය ඉතා සුවිශේෂී ග්‍රහ මාරුවකි.මෙම ග්‍රහ මාරුව හේතුවෙන් ඉදිරි දින 10 තුළ ද කාලගුණික විපර්යාසවලට ද, අවිනිශේචිත සිදුවීම්වලට ද,
බේදජනක සිදුවීම්වලට ද ඉඩකඩ ඇති බැවින්

බෙහෙවින් පරීක්ෂාකාරීව කාලය ගතකළ යුතුය.
මෙසේ ධනු රාශියට පිවිසීමට නියමිත ශනි ග්‍රහයා 2020 ජනවාරි 24 වැනි දා දක්වාම තම ධනු රාශි චලිතය පවත්වාගෙන යයි.
ශනි ග්‍රහයා මීට පෙර 1987 දෙසැම්බර් 17 වැනිදාත් 1990 මාර්තු 21 වැනිදාත් අතර කාලය තුළ ද, 1990 ජුනි 20 වැනිදාත්, 1990 දෙසැම්බර් 15 වැනිදාත් අතර කාලය තුළ ද, 1958 පෙබරවාරි 08 වැනිදාත්, 1958 ජුනි 02 වැනිදාත් අතර කාලය තුළ ද, 1958 නොවැම්බර් 07 වැනිදාත්, 1961 පෙබරවාරි 01 වැනිදාත් අතර කාලය තුළ ද ධනු රාශිය තුළ හැසිරී ඇති බව පෙනෙන අතර එම කාල වකවානු සාමකාමී බවකින් තොර ආන්දෝලනාත්මක කාල වකවානු බව පෙනේ.

 එම නිසා මෙවර ශනි ග්‍රහයා ධනු රාශිය තුළ ගෝචරය වන 2017 ඔක්තෝබර් 26 වැනිදාත්, 2020 ජනවාරි 24 වැනිදාත් අතර කාල වකවානුව ද

සාමකාමී නොවන ආන්දෝලනාත්මක කාල වකවානුවක් වීමේ අවදානමක් ඇති බැවින් බෙහෙවින් පරීක්ෂාකාරීව කාලය ගත කළ යුතුය. ඇරත් ශනි ග්‍රහයා මීට පෙර ධනු රාශිය තුළ චලිත වූ ආසන්නතම කාල වකවානුව වන 2017 ජනවාරි 27 වැනිදාත්, 2017 ජුනි 18 වැනිදාත් අතර කාලය තුළ ද මීතොටමුල්ල කුණු කන්ද නායයාම නිසා සහ අයහපත් කාලගුණික තත්ත්වය නිසා විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව අප අමතක
නොකළ යුතුය.
මෙවර ශනි මාරුව නිසා ඔක්තෝබර් 26 ආශ්‍රිත දිනවල මේෂ, වෘෂභ, වෘග්වික, ධනු යන ලග්න හිමියන්ට අසම්පූර්ණව පැවැති කටයුත්තක් සම්පූර්ණ වීමට හෝ ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුවීමට ඉඩකඩ ඇති බැවින් එම ලග්න හිමියන් අවධානයෙන් කාලය ගතකළ යුතුය.

එමෙන්ම මෙම ශනි මාරුව නිසා ඔක්තෝබර් 26 ආශ්‍රිත දිනවල තුලා, මකර යන ලග්න හිමියන්ට ද මඳ වශයෙන් අමතක නොවන සිදුවීම් සිදුවීමට ඉඩකඩ ඇති අතර සෑම ලග්න හිමියකුටම පාහේ 2017 ඔක්තෝබර් 26 ආශ්‍රිත දිනවල අඩු වැඩි වශයෙන් සුවිශේෂී සිදුවීම් සිදුවීමට ඉඩකඩ ඇත. මෙම ශනි ග්‍රහයාගේ මහාශ්‍රහ මාරුව හේතුවෙන් සුවිශේෂී සහ වඩාත් ආන්දෝලනාත්මක ප්‍රතිඵල ලැබෙන්නේ වෘෂ භ ලග්න හිමියන්ට සහ ධනු ලග්න හිමියන්ටය. එනම් ඔවුන්ට මෙම ග්‍රහ මාරුව නිසා ඒරාෂ්ටක තත්ත්වයක් උදා වුව ද අපගේ අත්දැකීම් හැටියට 2017 ඔක්තෝබර් 26 වැනිදාත්, 2020 ජනවාරි 24 වැනිදාත් අතර කාලය තුළ ඔවුන්ට රැකියාවේ උසස්වීම්, රැකියාවේ වෙනස්කම්, හදිසි පිටරට ගමන්, ප්‍රසිද්ධිය වැඩිවීම් ආදිය පෙන්නුම් කරයි.‘