විදුහල්පතිවරයකු විසින් සිසුන් පස් දෙනෙකු පැය 04 ක් පුරා විදුහල්පති කාමරයේ දනගස්සවා  අතින් පයින් පහරදිම නිසා තුවාල ලැබු එම සිසුන් දෙනියාය රෝහලට ඇතුලත්කර ඇත.

මෙම සිසුන් අතර සිසුවියන් දෙකක් සහ   සිසුන්  තිදෙනෙකු සිටින අතර මොවුන්  පාසලේ 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි වයසේ පසුවෙන අයවෙයි.


මෙම සිසුන් දෙනියාය කොලවෙනිගම,

රංගලවිල, පදිංචිකරුවන් වෙයි. සැකකාර විදුහල්පතිවරයා වරල්ල පදචිං, දෙනියාය විදුහලේ විදුහල්පති වරයෙකි.

පසුගිය 17 වන දින උදැසන 8.20 ට පමන සිදුවි ඇති මෙම සිද්ධිය සැලවෙන අයුරු මෙසේය.

මෙම සිසුන් පාසලට ඒම සඳහා බස්රථයෙන් පැමිණ පාසල අසලදි බසයෙන් බැසිමට සුදානම්වන අවස්ථාවේ  විදුහලේ ගේට්ටුව අසල සැකකාර විදුහල්පති වරයා සිටින බවදැක “ ඔන්න පිනා  ඉන්නවා “ කියා අන්වර්ථ නාමයෙන් පෙන්වා ඇත. මෙම වචනය ඇසුනු මෙම බසයේම සිටි එමපාසලේ ගුරුවරියක් මෙම විහිඵව සම්බන්ධයෙන් විදුහල්පතිට පැවසිමෙන් පසු මෙම සිසුවියන් දෙනො  සහ සිසුන් තුන්දෙනා විදුහල්පති කාමරයට ගෙන්වා අතින් පයින් පහරදි  දණ ගස්සවා  විටින්විට කොණ්ඩයෙන්  අල්ලාඅතින් පයින් පහරදුන් බව  සහ එම කාලයතුල  උදැසන ආහාරය ගැනිමටවත් ඉඩනොදුන් බව සිසුන් විසින් දෙනලද කටඋත්තරවල සඳහන්වේ.

රෝහල් ගතවි සිටින සිසුන්ගෙන් ප්‍රකාශමත දෙනියාය පොලිසියේ නිළධාරින් විසින් සැකකාර විදුහල්පති වරයා අත්අඩංගුවටගෙන මොරවක මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලකෂ 1 ක බැගින් ශරිර ඇප දෙකක්මත මුදාහැර ඇත.

වැඩිදුර විමර්ශන වාර්ථාව ලබන මස 08 වන දිනට අධිකරනයට ඉදිරිපත් කරනලෙස පොලිසියට නියෝගකර ඇත.

වැඩිදුර පරික්ෂන දෙනියාය පොලිසියේ නිලධාරින් විසින් සිදුකරනු ලබයි.

( මාතර  ඩබ්ලිව්.පි.ධර්මසේන)