සිල් රෙදි දඩේ ගෙවන්න පිණ්ඩපාතේ වඩිද්දී
පාත්තරේ සල්ලි මැදට ෂෝට්-ඊට්ස් වැටී
කිරිබත්ගොඩදී කලබලයක්


මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානයෙන් සිල් රෙදි නඩුවට වන්දි ගෙවීම සඳහා මහ සඟරුවන හවුල් කරගෙන මුදල් පිඬුසිඟා යාමේ කටයුතු තැන් තැන් වල ක්‍රියාත්මක වෙයි. මේ යටතේ ඊයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සංඝයා වහන්සේලා පිරිසක් පිඬු සිඟා වඩිමින් සිටියදී පාත්තර තුළට මුදල් වෙනුවට කෙටි ආහාර ලබාදීමේ
කටයුත්තක් සිදු වුණා.

මෙම ආහාර ස්වාමීන් වහන්සේලා ප්‍රතික්ෂේප කර තිබුනේ නැති අතර මුදල් නෝට්ටු අතරට කෙටිකෑම වැටෙන්නට පටන් ගැනීම නිසා මෙම කටයුත්තට පසුබිමින් සිටි ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිස් කුපිතවී කලබලයක් ඇති කළා. ඔවුන් පවසා ඇත්තේ මුදල් පිඬු සිඟා වැඩීම කඩාකප්පල් කිරීමට සඟරුවන වෙත ආහාර ලබාදුන්නේ කඩකප්පල්කාරී පිරිසක් බවයි.
එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින්