මෙක්සිකොවේ වේලාවෙන් අඟහරුවාදා දහවල් 2.15 ට පමණ අති දරුණු 7.1 ක භූමි කම්පාවක් ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුව ඇත. මෙක්සිකෝවේ ප්‍රධාන නගරයට සැතපුම් 100 ක් පමණ දුරින් පිහිටි උප ප්‍රධාන
නගරයක් වූ  Puebla හි මෙම කම්පනය

සිදුවන අවස්ථාවේ කාර්යාල වල කටයුතු සිදුවෙමින් පැවති අතර භූමි කම්පාව නිසා ගොඩනැගිලි රැසක් මිනිසුන් සමග කඩා වැටී ඇත. ඇතැම්වා අර්ධ වශයෙන් කඩා වැටෙද්දී මිනිසුන් දිවි බේරාගෙන පැනගොස් ඇති අතර මුළු නගරයේ පාරවල් පිරෙන්නට කාර්යාල සේවක පිරිස් හිස් ලූලූ අත දිවගිය බවද වාර්තා විය.
මියගිය පිරිස මේවනවිට 150 පමණ වෙතැයි සීඑන්එන් වාර්තා කියන නමුත් එම සංඛ්‍යාවන් මීට වඩා විශාල වශයෙන් වැඩි විය හැකි බවද පැවසේ.
පෙරදීත් මෙක්සිකෝ මුහුදේ භූ කම්පණයක් සිදුවී මරණ රැසක් වාර්තා විය.
මෙම විපත් සිදුවූ Puebla  ලෝකයේ භූමි කම්පා කලාපයේ තිබෙන නගරයක් වන අතර මීට වසර 10 කට පෙර විශාල භූමි කම්පාවක් සිදුවී ජීවිත දහස් ගණනක් නැතිව ගිය අමිහිරි අත්දැකීමකටද මුහුණදී ඇත.