දසුන් විවාහවූවෙකු බව දැනගෙන 
ශලනි සම්බන්ධය අත්හරින්න හැදුවේ ජූලි මැද 
- ෆේස් බුක් සටහනකින් හෙළිවේ

සිය දිවි නසාගත් ටෙලි නාට්‍ය නළු දසුන් නිශාන් සම්බන්ධ විවිධ කටකතා මේ වනවිට දිනපතා නිර්මාණය වෙමින් පැතිර යයි. දසුන්ට ජීවිතය කලකිරව ගන්නට හේතුවූයේ ටෙලි නිළි ශලනි තමා අත්හරින බවට දන්වා සිටීම බවට එක් පසෙකින් කියැවෙද්දී දික්කසාදය ඉල්ලන්නට විවාහක බිරිය විශාල මුදලක් ඉල්ලූ බවට අසත්‍ය කතාවක්ද ඇතැම් මාධ්‍ය පළ කර තිබේ.
කෙසේ නමුත් අප කළ සොයා බැලීමේදී
අනාවරණය වූයේ පත්තර වලට තමන් ගැන හා තමන්ගේ පසුබිම ගැන වැරදි තොරතුරු සපයන්නෙකුවූ මියගිය දසුන් තමාගේ මාපියන් ගැන මෙන්ම විවාහය ගැනද තොරතුරු වසන් කර සිටි අයෙකු බවයි.
ඔහු අලුත හඳුනාගත් මිතුරන්ට පවා විවාහවී සිටි බවක් හඟවා නැත.  ශලනි තාරකා හා
සම්බන්ධයක් ඇති කරගෙන ඇත්තේද තමා විවාහකයෙකු බව සඟවාගෙන බව හෙළිව තිබේ.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාස හතක කාලයේ ඔවුන් අතර පැවති සමීප ඇසුර විවාහයක් දක්වා දුර ගෙන යාමට දසුන්ට උවමනාවී තිබී ඇති අතර ඔහු දිගින් දිගටම මගහැරිය විවාහක පෙම්වතිය ඒ ගැන විමසද්දී තොරතුරු හෙළි කර ඇත්තේද එය අත්හැරීමේ අටියෙනි.නමුත් විවාහක බිරිය දසුන්ගේ මව සමගද එක්වී මේ ගැන සොයා බැලූ අවස්ථාවේදී ඒ තාක් බොරු කියා තිබූ ඔහු ගැන සත්‍ය තත්වය ශලනිට ආරංචි විය.

ඇය ‘මං දැන් එයත් එක්ක තමයි ඉන්නෙ. අපි විවාහ වෙන්න සූදානමින් ඇසුරු කරන්නේ‘ යන සිත කළඹන වැකි දසුන්ගේ විවාහක බිරියට දන්වා ඇත්තේ එය කණ වැකුණ අවස්ථාවේය. කෙසේ වෙතත් ඇයට දසුන්ගේ බිරිය හා මවගේ පාර්ශ්වයෙන් විරෝධය පැනනැගුණ පසු ශලනි ඔහු අත්කරගැනීමේ ආශාව අත්හැර තිබෙන අතර මෙම සම්බන්ධය අත්හැරීමටද දෙතුන්වර කල්පණා කර ඇත.

 ඇගේ පුද්ගලික ෆේස් බුක් ගිණුමේ ජුලි 19 වැනි දින feeling lost දක්වමින් සටහනක් තබමින් කියා සිට ඇත්තේ ‘මිනිස්සුන්ට මේ තරම් බොරු කරන්න බොරුවෙන් ජීවත් වෙන්න පුලුවන්ද..? 😖😖😖‘ ලෙසිනි.

ඊට දින දෙකකට පෙර 17 වැනි දින ‘හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොළඳ වෙලා‘ නමැති ජනප්‍රිය ගීයේ පදවැල්ද ඇය වෙන කිසි දිනෙක නැති ලෙස ෆේස් බුක් තුළ සටහන් කර ඇගේ දුක හෙළි කර තිබුණි.
ඒ ආසන්න ජූලි 26 වන දින පළවූ පුවත්පතකට ඇය ප්‍රකාශයක් ලබාදෙමින් කියා තිබුනේ
‘නෑ නෑ මං දැන් පෙම්වතියක් නෙමෙයි..මම ආදරේ කරලා තියෙනවා. ආදරේ සමහර තැන් ඇත්තටම විරහවක් තමයි. විවාහයෙන් කෙළවර වෙන ප්‍රේම කතාවලට මැද දි වුණත් විරහව තිබිල තියනවනේ.ප්‍රේම කරපු ඕනෑම කෙනෙක් විරහවේ රස විඳලා තියනවා.ඒ නිසා මම හිතන්නෙ විරහවත් එක රහක් තමයි...‘ ලෙසිනි.



සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා
බිරිය හා මව හඬවමින් දසුන්ගේ දේහය මල් ශාලාවට ගෙන ආ වෙලාව (ඡායාරූප)
දැන් මං පෙම්වතියක් නෙමේ - විරහවත් එක රහක් තමයි - ශලනි මාසයකට පෙර කියූ හැටි
අපි සල්ලිකාරයො නෙමේ උදව් කළ කෙල්ලයි නිළිය නිසා අතඇරියේ - දසුන්ගේ මව   
දසුන් ශලනි පෙම් කතාව මරණ පරීක්ෂණයේදී හෙළිවේ අලුත් පෙම බිඳී අසරණවූ දසුන් මේ තීරණය ගත්තාද?